May 06, 2024

පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණවලට අලුතින් නියම වූ ගාස්තු

පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන යටතේ සිදුකරන පීසීආර් පරීක්ෂාවක් සඳහා රජය විසින් උපරිම මිලක් නියම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවා.

ඒ අනුව පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන යටතේ පීසීආර් පරීක්ෂාවක් සිදුකිරීමේ උපරිම ව ගාස්තුව රු 6,500ක් ලෙසත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා උපමරිම රු 2,000ක මුදලක් අය කළ හැකි බව ද ඇය පැවසුවා.

එයට අදාළ ගැසට් නිවේදනය අද (12) දින නිකුත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරිය සඳහන් කළා.

බොහෝ පෞද්ගලික රෝහල් පීසීආර් පරීක්ෂණ සඳහා රුපියල් 9,750ක් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා රුපියල් 5,550ක් දක්වා මිල ගණනක් අයකර ඇති බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

Rate this item
(0 votes)