May 17, 2024

ඌව පළාතට තාක්ෂණ උද්‍යානයක්

කලාපීය පොකුරු තාක්ෂණ සංවර්ධනය (Regional Cluster Development) සඳහා පෞද්ගලික අංශයට සහාය වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂන නියෝජිතායතනය (ICTA) එක්වේ. මේ පිලිබඳ වූ අවබෝධතා ගිවිසුමක් TRACE Expert City ආයතනය සමග පසුගියදා අත්සන් කෙරින.

ඌව  පළාත තුළ දෙවන ස්ථරයේ (Tier 2) තාක්ෂණ  උද්‍යානයක් පිහිටුවීම, ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීමට අවශ්‍ය  රාමුවක් පිහිටුවීම සඳහාවූ  එකඟතාවන් සහ අවබෝධතාව විධිමත් කිරීම මෙමගින් සිදු කෙරින. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මේ සදහා අවශ්‍ය  සහාය ලබාදෙන අතර TRACE Expert City මඟින් ඌව  පළාතේ හඳුනාගත් ස්ථානයේ නව ව්‍යාපෘතිය ආරම්භ කරනු ඇත.

තාක්‍ෂණය කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා වූ  රජයේ  ප්‍රතිපත්තිය අනුව  ශ්‍රී ලංකාවේ හඳුනාගත් ස්ථාන පහක තාක්ෂණ උද්‍යාන පිහිටුවීමට  තාක්‍ෂණ අමාත්‍යාංශය සැලසුම් කර ඇත. එම ප්‍රදේශවල ප්‍රාදේශීය තාක්ෂණික පොකුරු සංවර්ධනය ස්ථාපිත කිරීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මගින් සිදුකෙරේ.

මෙම වැඩපිළිවල මගින් කලාපිය තාක්‍ෂණ නවෝත්පාදනයන් බිහිකිරීම, ව්‍යාප්තිය, ආරම්භක තාක්ෂණ ව්‍යාපාර සදහා ආධාරකිරීම සහ වෘත්තීය නිපුනතාව දියුණු කිරීම මගින් කලාපීය දියුණු ආර්ථික පරිසර පද්ධතියක්  ඇතිකිරීම අපේක්ෂා කෙරේ.

මෙමගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට TRACE Expert City ආයතනයේ සහ ශ්‍ රීලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ඉහල පෙළේ නිලධාරිහු පිරිසක් සහභාගි වුහ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 August 2021 22:46