May 15, 2024

2024 ඔලිම්පික් බලාපොරොත්තුවකට අනුග්‍රහය දැක්වීමට SUN විෂබීජනාශක නිපැයුම් පෙරමුණ ගනී

මෙරට පළමු SLS ප්‍රමිති  සහතිකය ලත් විෂබීජ නාශක දියර සන්නාමය වන SUN නිෂ්පාදන පෙළ විසින්, ශ්‍රී ලංකාවේ 2024 ඔලිම්පික් බලාපොරොත්තුවක් වන බැට්මින්ටන් ක්‍රීඩිකා තිලිණි ප්‍රමෝදිකා හැන්දහේවා ක්‍රීඩිකාවට පූර්ණ අනුග්‍රහය දැක්වීමට එකඟතාවය පල කළේය.

“අප නිරන්තරයෙන් මෙරට ක්‍රීඩාවන්ටත්, දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප් නැංවීමටත් අවශ්‍ය සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන්නට උත්සුක වනවා, අපේ රටේ ජාතික අභිමානය පිළිබඳ හැඟීමක් ඇතිවන ප්‍රමුඛතම අවස්ථාවක් ලෙස ක්‍රීඩාව හඳුන්වා දෙන්නට පුලුවන්“  යැයි SUN MATCH සමාගමේ හිමිකරු, අධ්‍යක්‍ෂිකා ගෞරී රාජන් මෙනවිය පැවසුවාය. ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් “ ක්‍රීඩාව තුළින් තම දක්‍ෂතා ඔප් නැංවීමට හැකියාව ලැබෙන අතර දුෂ්කරතා ජය ගනිමින් සාර්ථකතවයේ මාවතට පිවිසෙන්නට අවශ්‍යය ශක්තිය ලබා දෙන්නට අප හැමවිටම කැපවී සිටිනවා. එම ආදර්ශපාඨය අනුව යමින් අපගේ නිෂ්පාදන හරහාද  පාරිභෝගික ජනතාව වෙත දශක ගණනක් පුරාවට ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ලබා දෙන්නට අභියෝගාත්මක අවස්ථාවන් වලදී පවා හැකි වුණා, එමෙන්ම අප නිශ්පාදන හරහා ද ගුණාත්මකත්වයත්, ආරක්‍ෂාවක් සහිත නිපැයුම් ඉදිරිපත් කරන්නට හැකියාව ලැබීම අප ලද භාග්‍යයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්“ බව රාජන් මෙනවිය කියා සිටියාය. 

“තිළිණි, 2014 චීනයේ නැන්ජින් හි පැවති යොවුන් ගිම්හාන ඔලිම්පික් උළෙලත්, 2014 හා 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කළා, ඒ වගේම ඇය ශ්‍රී ලංකාවේ කාන්තා කේවල බැට්මින්ටන් ශූරිය, ඒ වගේම ඇය විශ්ව විද්‍යාල සිසුවියක්, ජාතික ඔලිම්පික් කමිටුවේ අපි ඇයට වෘත්තීය දිවියට සුබ පැතුම් පිරිනමන අතරම ඇයගේ ක්‍රීඩා දිවියේ අනුග්‍රාහකත්වය සැපයීම පිළිබඳ SUN MATCH ආයතනයට මාගේ කෘතවේදීත්වය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා“ යැයි ඔලිම්පික් අලෙවි කමිටුවේ සභාපති රොහාන්ත අතුකෝරල මහතා පැවසීය.   

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේශ් සුබ්‍රමනියම් මහතා අදහස් දැක්වීමට එක්වෙමින් “සුදුසුකම් ලත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් SUN MATCH ආයතනය අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරියට පැමිණීම පිළිබදව අප ඉතා සතුටට පතවනවා, 2022 බර්මින්හැම් ක්‍රීඩා උළෙලත්, එම වසරේදීම පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙල වෙනුවෙනුත් ඇය ඉතා ප්‍රවේශමෙන් සූදානම් කරමින් 2024 ඔලිම්පික් උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජනය ලෙස තිලිණිගේ පෙරමග සූදානම් කරන්නට අප සියලු කටයුතු සම්පාදනය කරනවා“ යැයි සුබ්‍රමනියම් මහතා පැවසීය.

2024 ඔලිම්පික් බලපොරොත්තුවකට අනුග්‍රහය දක්වමින් දේශීය ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයට ඔසවා තබන්නට හැකි සෑම උත්සහයක්ම ගන්නට SUN MATCH ආයතනය නිරතරයෙන් අත දිමට සැදී පැහැදී සිටී.   

 

Rate this item
(0 votes)
Last modified on Friday, 06 August 2021 18:36