May 17, 2024

පී.සී.ආර් මිල පහළ දාන්න යයි

‘කොවිඩ් 19’ වයිරසය ආසාදනවී ඇද්දැයි පරීක්‍ෂා කරන පී.සී.ආර්. සහ ඇන්ටිජන් යන පරීක්‍ෂණ සඳහා පෞද්ගලික අංශය අයකරන මුදල අඩු කිරීමට පියවර ගන්නා බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය අලසන්ත අලගියවන්න මහතා පැවසීය.

මෙම පරීක්‍ෂණ සඳහා පෞද්ගලික රෝහල් වැඩි මුදලක් අය කරන බවට පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු පැමිණිලි අනුව කළ සොයා බැලීමේදී වැඩි මුදලක් අය කරන බව තහවුරු වී ඇතැයි කී අමාත්‍ය අලගියවන්න මහතා එම අය කිරීම සාධාරණ මුදලක් දක්වා අඩු කිරීමට පියවර ගත් බව සඳහන් කළේය.

පී.සී.ආර්. පරීක්‍ෂණයක් සඳහා පෞද්ගලික රෝහල් රුපියල් 8000 ක් අය කළ ද ඒ සඳහා ඔවුන්ට රුපියල් 6000 කට අඩු මුදලක් වැය වන බව ද අමාත්‍යවරයා කීය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 August 2021 20:32