May 15, 2024

LB CIM ඩිජිටල් මුදල් පසුම්බියේ ගනුදෙනු රු. බිලියන 10 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනය වන LB ෆිනෑන්ස් සමාගම විසින් ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන්ට හඳුන්වා දුන් ජනප්‍රිය LB CIM (Cash-In-Mobile) ඩිජිටල් මුදල් පසුම්බි යෙදවුම භාවිත කර කළ මුළු ගනුදෙනුවල වටිනාකම රු. බිලියන 10 ඉක්මවමින් සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. මෙහි විශේෂත්වය වනුයේ මේ ජයග්‍රහණය LB CIM හඳුන්වා දී මාස 20ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ සහ තරගකාරි වෙළෙඳපොළ තත්ත්වයක් යටතේ අත් කර ගැනීමට හැකි වීමත් නිසාය. මේ කාලය තුළ LB CIM භාවිත කර මිලියන 2.3ට අධික ගනුදෙනු ඩිජිටල් ක්‍රමයට කර ඇති අතර මෙමඟින් LB CIM ඩිජිටල් මුදල් පසුම්බි යෙදවුම තම පාරිභෝගිකයන්ට දෙන අගයන් සහ පහසුව මනාව පිළිබිඹු වන අතර, ජනතාව වැඩි⁣ වැඩියෙන් ඩිජිටල් ගෙවීම් කටයුතු සඳහා නැඹුරු වීමේ ප්‍රවණතාවද නිරූපනය වේ.

මේ සුවිශේෂී සංධිස්ථානය පිළිබඳ තම අදහස් දක්වමින් LB ෆිනෑන්ස් සමාගමෙහි උපායමාර්ග සහ ඩිජිටල් මූල්‍ය සේවා ඒකක ප්‍රධානි (DFS) බිමල් පෙරේරා මහතා සඳහන් කළේ ඉතා කෙටි කාලයක් තුළ ලද මේ සාර්ථකත්වය උපයෝගි කර ගෙන තව තවත් ඩිජිටල් සේවා ප්‍රචලිත කර වීමට LBෆිනැන්ස් සමාගම බලාපොරොත්තු වන බවයි. LB CIM ඩිජිටල් මුදල් පසුම්බි යෙදවුම ආයතනයේ ප්‍රධාන මූල්‍ය සේවා පද්ධතිය හා ඒකාබද්ධ කර ඇති බැවින් පාරිභෝගිකයන්ට කිසිදු බාධාවකින් තොරව තම ලීසින්, ණය සහ ඉතුරුම් ගිණුම්වලට ප්‍රවේශ වීමට එකම ඩිජිටල් වේදිකාවක් හරහා හැකියාව ලැබේ. LB CIM යනු වෙළෙඳපොළේ භාෂා ත්‍රත්වයෙන්ම සේවා ගත හැකි ඩිජිටල් මුදල් පසුම්බි යෙදවුම් කිහිපයෙන් එකක් වනඅතර, එහි UI/UX තාක්ෂණය සමඟින් භාවිතය වඩාත් සරල කර ඇත. LB CIM ඩිජිටල් දුරකතන මුදල් පසුම්බි යෙදවුමේ සරලභාවය නිසාම එය ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයකුට පහසුවෙන් භාවිත කළ හැකි ඩිජිටල් කියවීමේ විසඳුමක් බව සමාගමෙහි විශ්වාසයයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 August 2021 21:05