May 16, 2024

මිල අඩු කිරීමට තීන්දුවක් - මිල අඩුවන ලැයිස්තුව මෙන්න

අගෝස්තු 01 වැනිදා සිට ගෘහස්ථ විදුලි රැහැන්වල මිල 11%කින් අඩුකිරීමට නිෂ්පාදන සමාගම් එකඟවූ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

මින් ඉදිරියට විශේෂිත වූ තත්ත්වයක් හැරුණු විට මිල වැඩි නොකිරීමටත් දැනට තිබෙන උපරිම සිල්ලර මිලෙන් ඔවුන්ගේ නිෂ්පාදන වලින් 90%කම නිෂ්පාදන වර්ගවල මිල 11% කින් ද එක් නිෂ්පාදනයක් පමණක් 5%කින් ද අඩු කිරීමට එම සමාගම් එකඟවී තිබෙනවා.

මෙම නිෂ්පාදන සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය වන කොපර් (තඹ) ආනයනය කරනු ලබන අතර මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 5,000 සිට 10,000 දක්වා වැඩිවීම නිසා පසුගිය දින වලදී ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල ඉහළ යාමකට ලක් වෙමින් තිබුණු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන කණ්ඩායම් වෙත වාර්තා වී තිබුණා.

ඒ අනුව එම සමාගම් සමඟ සාකච්ඡා වට තුනක් පවත්වා මින් ඉදිරියට විශේෂිත වූ තත්වයක් හැරුණු විට මිල වැඩි නොකිරීමටත් දැනට තිබෙන උපරිම සිල්ලර මිලෙන් ඔවුන්ගේ නිෂ්පාදන ලින් 90% කම නිෂ්පාදන වර්ගවල මිල 11%  කින් ද එක් නිෂ්පාදනයක් පමණක් 5% කින් ද 2021 අගෝස්තු 01 වැනිදා සිට අඩු කිරීමට සියලු සමාගම් එකඟ වී තිබෙනනා.

මෙම සාකච්ඡාව සඳහා පහත සඳහන් සමාගම් සහභාගී වී තිබුණා.

  1. කැළණි කේබල්ස් පී එල් සී
  2. ඒ සී එල් කේබල්ස් පී එල් සී
  3. සියෙරා කේබල්ස් සමාගම
  4. එස් ආර් කේබල්ස් සමාගම
  5. ඔරෙන්ජ් ඉලෙක්ට්‍රික් සමාගම

මිල ගණන් අඩුවන ලේඛනය පහතින් දැක්වේ.

Rate this item
(2 votes)