May 12, 2024

මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් රැකෑවුල ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැඟිල්ලක්

මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් එහි ජාත්‍යන්තර සහ ආයතනික බැංකු අංශයීය සේවක සුබසාධක සංගමය විසින් පොල්පිතිගම, තලාකොළවැව ව/ම/පොපි/රැකෑවුල ප්‍රාථමික විද්‍යාලයට නව ගොඩනැඟිල්ලක් ඉදිකර සිසු අයිතියට පැවරීමට පසුගියදා පියවර ගත්තේය. සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙසින් ආයතනික හා ජාත්‍යන්තර බැංකු අංශ කාර්ය මණ්ඩලයේ සම්පූර්ණ දායකත්වයෙන් ඉදිකෙරුනු මෙම ගොඩනැඟිල්ල සඳහා වැයවූ මුළු මුදල රුපියල් මිලියන දෙකකට ආසන්නය.

නිසි ගොඩනැගිල්ලක් නොමැති වීම හේතුවෙන් රැකෑවුල ප්‍රාථමික විද්‍යාලයේ පන්ති කිහිපයක්ම පොල් අතු මඩුවක පවත්වාගෙන යාමට සිදුවූ අතර, මින් ඉදිරියට සිසු දරු දැරියන්ට අංග සම්පූර්ණ පහසුකම් සහිත නව ගොඩනැඟිල්ලක අධ්‍යාපනය ලැබීමේ වරම් හිමිවේ.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පූර්ණ ව්‍යාපාර බැංකුකරණ) නිපුණිකා විජයරත්න, සහකාර සාමාන්‍යාධිකාරි (වෙළෙඳ මූල්‍ය) ඒ.එස්.එම්.වී. කුමාරසිරි, ප්‍රධාන කළමනාකාරිනි (ජාත්‍යන්තර බැංකු කටයුතු) කේ. සුබසිංහ, පොල්පිතිගම ශාඛා කළමනාකාරිනි ඉන්දු කුරුප්පු, මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී. එම් අරුණ ශාන්ත, මහව සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලක්ෂ්මන් හපුආරච්චි, රැකෑවුල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති එච්.එම් සෙනෙවිරත්න බණ්ඩා යන මහත්ම මහත්මීහු ඇතු`ඵ ආචාර්ය මණ්ඩලය හා බැංකු කාර්ය මණ්ඩලයද සහභාගී වූහ.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 July 2021 22:32