May 19, 2024

ඔලිම්පික් යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් එක් වෙයි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීමට, ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙන යන ශ්‍රී ලන්කන් ගුවන් යානය, එම ක්‍රීඩකයන්ගේ ආත්මාභිමානය වර්ධනය කිරීම සදහා, එම ගුවන් යානයෙහි බද කොටස විශේෂ ස්ටිකරයකින් සරසා තිබෙනවා.

"Our Champions. Our Pride" යන්න සහ ශ්‍රී ලාංකික සංකේතය වන සිංහයාත්, ඊට පහළින් sri lanka සහ ඔලිම්පික් ලාංජනයත් එහි සංකේතවත් කර තිබෙනවා.

මෙම ගුවන් ගමන සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ - 330 - 300 වර්ගයේ එයා බස් වර්ගයේ ගුවන් යානයක් සූදානම් කර තිබෙනවා.

මෙසේ ඔලිම්පික් යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට අමතරව, එම තරග ජපානයේ සිට වාර්තා කිරීමට රෑපවාහිනී මාධ්‍යවේදීන් පිරිසක් සහ ශ්‍රී ලාංකික නිලධාරීන් පිරිසක් ද මෙම ගුවන් යානයෙන් ජපානය බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසුවා.

ලෝකයේ බොහෝ රටවල්, තම ජාතික ගුවන් සේවයේ ගුවන් යානා මගින් මෙසේ තම ක්‍රීඩකයන් ඔලිම්පික් තරගාවලිය සදහා ජපානය වෙත රැගෙන යන අතර, ඔවුන් දිරි ගැන්වීමට, ඔවුන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කිරීමට, මෙන්ම තම ජාතිකාභිමානය ලොවට ප්‍රදර්ශනය කිරීමට මේ ආකාරයට තම ගුවන් යානා වල මෙවැනි වැකි සදහන් කරනවා.

මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 455 දරන ගුවන් යානය, අද (19) දින රාත්‍රී 07.30 ට කටුනායක ගුවන් තොටුපළෙන්, මෙම පිරිස රැගෙන ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිටත්ව යෑමට නියමිතයි.  

Rate this item
(0 votes)
Last modified on Monday, 19 July 2021 11:14