May 20, 2024

World Finance Banking සම්මාන ඇගයීමේදී සම්පත් බැංකුව සිය විශිෂ්ටත්වය තහවුරු කරයි

එක්සත් රාජධානිය පදනම් කරගත් වර්ල්ඞ් ෆිනෑන්ස් (World Finance) සගරාව විසින් සංවිධානය කරනු ලැබූ කීර්තිමත් World Finance Banking සම්මාන ඇගයීමේදී හොදම පාරිභෝගික බැංකුව ලෙස මෙන්ම හොදම වාණිජ බැංකුව ලෙස අඛණ්ඩව 8 වැනි වරටත් සම්මානයෙන් පිදුම් ලැබීමට සම්පත් බැංකුව පසුගියදා සමත් විය.
 
2014 වසරේ සිට අඛණ්ඩව මෙම සම්මාන දෙකම තමන් සතු කර ගනිමින් මෙම කීර්තිමත් ජාත්‍යන්තර වේදිකාව තුළ ශ‍්‍රී ලාංකේය නාමය ඉහළටම ඔසවා තැබූ සම්පත් බැංකුව මේ වසරේදීද එම සම්මානයන්ගෙන් පිදුම් ලැබුවේ එසේ පිදුම් ලැබූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත් වෙමිනි.

World Finance Banking සම්මානය යනු බැංකු හා මූල්‍ය සේවා අංශය වෙනුවෙන් වන ගෝලීය වශයෙන් වඩාත් පිළිගැනීමට ලක් වූ සම්මානයක් වන අතර 2007 වසරේ සිට පිළිගන්වනු ලබන මෙම සම්මානය සදහා වර්ල්ඞ් ෆිනෑන්ස් සගරාව මගින් නිර්ණායක කිහිපයක් ඔස්සේ බැංකු හා මූල්‍ය ආයතන ඇගයීමට ලක් කරනු ලබයි. එහිදී එම බැංකු හා මූල්‍ය ආයතනයන්හි ජයග‍්‍රහණ, නවෝත්පාදන හා විශිෂ්ටත්වය මෙම වාර්ෂික සම්මානයන් සදහා ඇගයීමට ලක් කරයි.
 
මෙම ජයග‍්‍රහණයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප‍්‍රනාන්දු මහතා සදහන් කර සිටියේ ‘‘World Finance Banking’’ සම්මාන ඇගයීමේදී ශ‍්‍රී ලංකාවේ හොදම  පාරිභෝගික බැංකුව ලෙස මෙන්ම හොදම වාණිජ බැංකුව ලෙසද අඛණ්ඩව 8 වන වරටත් පිදුම් ලබමින් ලොව හොදම බැංකු හා මූල්‍ය සේවා සපයන්නන් අතරට එක්වන්නට ලැබීම අප ලද විශාල ජයග‍්‍රහණයක් මෙන්ම ගෞරවයක් ලෙස සදහන් කළ හැකියි. මෙම ජයග‍්‍රහණයන් ලබා ගැනීමට අපට හැකි වූයේ අපගේ ගනුදෙනුකරුවන්ගේ මෙන්ම ආයෝජකයන්ගේත්, ව්‍යාපාර හවුල්කරුවන්ගේත් විශ්වාසය හා සහයෝගය නිසයි. එමෙන්ම අපගේ කණ්ඩායම් සාමාජිකයන්ගේ කැපවීම හා දක්ෂතාව මීට සුවිශේෂී හේතුවක් වූ බව සදහන් කළ යුතුයි. ඔවුන් නොමැති නම් මෙවන් ජයග‍්‍රහණයක් ලබා ගැනීම අතිශය දුෂ්කර වනු නිසැකයි. මෙවන් ජයග‍්‍රහණයන් තුළින් අපගේ ගනුදෙනුකරුවන්ට මෙන්ම අනෙකුත් සියලූම පාර්ශවකරුවන්ට යහපත් අනාගතයක් අඛණ්ඩව සලසාදීම වෙනුවෙන් ඔවුන් වෙත වැඩි වටිනාකමක් එක් කිරීමට අපට තව තවත් ශක්තිය ලැබෙනු ඇතැයි අපගේ විශ්වාසයයි’’ යනුවෙනි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 July 2021 21:58