May 20, 2024

ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයෙන් මිලියනයකට අධික වෛද්‍ය උපකරණ

ශ්‍රී ලංකා ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය සිය සාමාජිකයන්ගේ දායකත්වයෙන් රුපියල් මිලියන 1.1ක් වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ කට්ටලයක් ජාතික රෝහලට පසුගියදා පරිත්‍යාග කරන ලදි.

ශ්‍රී ලංකා ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත පෙරේරා, උප සභාපති දමිත පෙරේරා, ලේකම් අරුණ සේනානායක, භාණ්ඩාගාරික නදීෂාන් ගුරුගේ, හිටපු සභාපති ධම්මික ගුණසේකර මහත්වරුන් විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය කුමා වික්‍රමසිංහ මහතාට එම උපකරණ භාර දෙන ලදි.

CMC Engineering Export Gmbh@ Westman Engineering pvt Ltd & EOAS pvt Ltd යන ආයතන දායකත්වය දක්වන ලද අතර, Country Style Foods pvt Ltd, Mr; Damith Perera, Transcontinental Packaging pvt Ltd, Control Union inspections pvt Ltd, Rodrigo Refrigeration & Air Conditioning pvt Ltd & Finagle Lanka pvt Ltd සමාගම් එක්ව මේ උපකරණ සඳහා දායකත්වය දක්වා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 July 2021 20:08