May 20, 2024

මහජන බැංකුව 60 වැනි සංවත්සරය නිමිත්තෙන් ජාතික රෝහලට ජංගම අධි තාක්ෂණික ස්කෑනර් යන්ත‍්‍රයක්

මහජන බැංකුවේ 60 වැනි සාංවත්සරික සැමරුම් සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ කොටසක් ලෙසින් මහජන බැංකු සේවක ප‍්‍රජාවගේ දායකත්වයෙන් කොවිඩ් 19 ආසාදිත රෝගින්ට ප‍්‍රතිකාර කිරීමේදි ප‍්‍රයෝජනවත් වන රුපියල් මිලියන 6කට අධික වටිනාකමින් යුත් ජංගම අධි තාක්ෂණික ස්කෑනර් යන්ත‍්‍රයක් (Portable Ultra Sound Scanner ) කොළඹ, ජාතික රෝහලේ කොවිඩ් 19 අධි සත්කාර ඒකකයට පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය.

මෙම අවස්ථාවට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික‍්‍රමසිංහ, කොවිඩ් දැඩි සත්කාරක ඒකකයේ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය දිල්ෂාන් ප‍්‍රියංකර, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) කි‍්‍රෂානි නාරංගොඩ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පූර්ණ ව්‍යාපාර බැංකුකරණ) නිපුණිකා විජේරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු සහාය සේවා) ලලිත් විතාන, අලෙවි ප‍්‍රධානි නාලක විජයවර්ධන යන මහත්ම මහත්මින්ද සහභාගි වූහ.

මෙහිදි අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා

"මෙරට පොදු ජනතාව හා බැදුනු බැංකුවක් වශයෙන්, අප රට ජාතික ව්‍යවසනයන්ට මුහුණ පෑ සෑම අවස්ථාවකදීම මෙරට ජනතාවට ආර්ථික වශයෙන් නැගීසිටීමට අවශ්‍ය මූල්‍යමය ප‍්‍රතිකාර ලබාදුන්නේ මහජන බැංකුවයි. මහජන බැංකුවෙන් මෙන්ම මහජන බැංකු සමූහය විසින්ද විශාල වටිනාකමින් යුත් පී.සී.ආර් යන්ත‍්‍ර ඇතුළු සෞඛ්‍ය උපකරණ ලබාදුන්නා. එමෙන්ම කොවිඩ් මර්දන එන්නත් මෙරටට ගෙන්වීම සදහාද මූල්‍ය පහසුකම් සපයන්නෙක් ලෙස කටයුතු කළා. මේ වන විට රජය සාර්ථකව මෙම වසංගතය මර්දනය කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව ඉදිරියේදි රටේ තත්වය සුබවාදි දිශාවකට හැරෙනු ඇතියි අපි අපේක්ෂා කරනවා. මෙරට කොවිඩ් 19 රෝගින්ට සුවය ලබාදීමට සදහා යම් පමණකින් හෝ දායක වීමට මහජන බැංකුවට හැකියාව ලැබීම පිළිබදව ඉමහත් සතුටට පත්වනවා.

මහජන බැංකුවේ 60 වැනි සංවත්සර සමාජ සත්කාරක වැඩසටහන් කි‍්‍රයාවට නැංවීමේදි මේ දිනවල පවතින කොවිඞ් 19 වසංගතය මැඩ පැවැත්වීම වෙනුවෙන් දියත් කෙරන කාර්යයන් සදහා ප‍්‍රමුඛත්වය ලබාදීමට අප පියවර ගත්තා. මේ වෙනුවෙන් අප කාර්ය මණ්ඩලය තම එක්දින වැටුප පරිත්‍යාග කර තිබෙනවා මා ඔවුන්වත් මේ මොහොතේ විශේෂයෙන් සිහිපත් කරනවා."

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික‍්‍රමසිංහ මහතා

"අපගේ කොවිඩ් දැඩි සත්කාරක ඒකකයට මෙවන් යන්ත‍්‍රයක අවශ්‍යතාවය දැඩිව තිබුනා. මෙම යන්ත‍්‍රය දැඩි සත්කාරක ඒකකයේ රෝගින්ට ප‍්‍රතිකාර කිරීමේදී ඉතාම ප‍්‍රයෝජනවත් වෙනවා. දැඩි සත්කාරක ඒකකයේ ප‍්‍රධාන විශේෂඥ වෛද්‍යතුමා, වෛද්‍ය, හෙද ඇතුඵ සියලූම කාර්ය මණ්ඩලය මෙම කොවිඞ් රෝගින්ට ප‍්‍රතිකාර කිරීම සදහා ඉතාම කැපවීමෙන් කටයුතු කරනවා. ඔවුන්ට මෙන්ම අප රෝහලට මෙම යන්ත‍්‍රය පරිත්‍යාගය කළ මහජන බැංකුවට මෙන්ම එහි කාර්ය මණ්ඩලයට මා විශේෂයෙන් ස්තුතිය පළකරනවා. විශේෂයෙන් අපිට අවශ්‍යම වේලාවක මෙවන් පරිත්‍යාග කිරීම පිළිබදව මා ඉතාමත් කෘතවේදි වෙනවා."

කොවිඩ් 19 වසංගත තත්වය පහව ගිය පසු මෙම යන්ත‍්‍රය වෙනත් රෝගින්ගේ ප‍්‍රයෝජන සදහා භාවිතා කිරීමට අපේක්ෂිතය.

මීට ප‍්‍රථමද කොවිඞ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා මහජන බැංකු සමූහය සහ මහජන බැංකු විශ‍්‍රාමිකයින්ගේ සංගමය විසින් රුපියල් මිලියන 15 ක මූල්‍ය පරිත්‍යාගයක් පසුගිය වසරේදී සිදු කළේය.

May be an image of 6 people, people standing, indoor and text that says 'PEOPLE'S BANK PEOPLE'S PEOPLE'S The Bank of the People'

No photo description available.

May be an image of 6 people, people standing, indoor and text that says 'PEOPLE BANK PEOPLE'S BANK The Bank of the People'

May be an image of 5 people, indoor and text that says 'AA0 PEO BANH The Bank of th PEOPLE'S BANK The Bank of the People'

May be an image of 5 people, people standing, indoor and text that says 'A People PEOPLE'S BANK The Bank of the People'

May be an image of 1 person and standing

 

Rate this item
(0 votes)