May 18, 2024

HNB ඩිජිටල් බැංකු යෙදුම නව මුහුණුවරකින්

HNB බැංකුව එහි නවීකරණය කරන ලද ඩිජිටල් බැංකු යෙදවුම මගින් සාමාන්‍ය මාසික ගනුදෙනු රුපියල් බිලියන 10ක් ඉක්මවා ක්ෂේත්‍රයේ නව ප්‍රමිතියක් ඇති කරමින් තාක්‍ෂණික සක්‍රීය බැංකුකරණයේ සිය නායකත්වය ඔප්නංවන ලදී.

මෙම යෙදවුම 2021 දෙසැම්බර් මාසයේ යළි එළිදැක්වූ දින සිට, මාසයෙන් මාසයට ගනුදෙනුවල අඛණ්ඩ වර්ධනයක් වාර්තා කළ අතර එය දැනට Google Play Stores ශ්‍රී ලංකා ඩිජිටල් බැංකු යෙදවුම් භාවිතා කරන්නන් අතර ඉහළම ශ්‍රේණිගත කිරීමට ලක්වූ යෙදුම්වලින් එකකි. අද වන විට, එහි බාගත කිරීම් 130,000 කට වඩා සිදු වී ඇති අතර එහි සක්‍රීය පරිශීලක රඳවා ගැනීමේ ආන්තිකය (active user retention margin) 70- 75% කි.

HNB ඩිජිටල් බැංකුකරණ යෙදවුම, Google Play සහ Apple App Stores වල ස්ටාර් රේටින් (star rating) 4.7 සහ 4.6 පිළිවෙලින් ලබමින් මූල්‍ය කාණ්ඩයේ හොඳම යෙදුම් පහ අතර පසු වේ.

මෙය බැංකුවේ ම මෘදුකාංග නිර්මාණකරුවන්ගේ කණ්ඩායම විසින් නිර්මාණය කර තිබෙන අතර සෑම විශේෂාංගයක් ම බැංකුවේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි සකස් කර ඇත.

නව එකතු කිරීම්, සේවා, පහසුකම් සහ සමස්ත UX/UI වැඩිදියුණු කිරීම් ඇතුළත් නිරන්තර යාවත්කාලීන කිරීම් සමඟින්, HNB ඩිජිටල් බැංකුකරණ යෙදවුම ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ඩිජිටල් බැංකු අත්දැකීම් පිළිබඳ පූර්ණ පාලනය ලබා දෙයි. නිදසුනක් ලෙස, නව පරිශීලකයින්ට පළමුව ඔවුන්ගේ ගිණුම් අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමෙන් පසුව ද්වි-සාධක තහවුරු කිරීම සඳහා ඔවුන්ගේ ජංගම දුරකථන අංකය සහ කාඩ්පත් විස්තර ලබා දීම යන සරල පියවර තුනක තහවුරු කිරීමේ ක්‍රියාවලිය මගින් ඉතා පහසුවෙන් ලියාපදිංචි වීම සිදුකළ හැකිය. මෙම සරල ක්‍රියාවලිය නිසා 130,000 වඩා වැඩි ලියාපදිංචි පරිශීලකයින්ගෙන් මුල්වරට ඩිජිටල් බැංකුකරණයට පිවිසීමේ ක්‍රියාවලියේදී බැංකුවේ සහාය ලබාගත්තේ 2% ක් පමණි.

ඒ හා සමානව, HNB ඩිජිටල් බැංකුකරණ යෙදවුම මඟින් සුවිශේෂ “පීක් බැලන්ස්” විකල්ප විශේෂාංගය ලබා දී ඇති අතර, එමගින් ගනුදෙනුකරුවන්ට සමස්ත පිවිසුම් ක්‍රියාවලියට නොගොස් ක්ෂණික හා යාවත්කාලීන ගිණුම් ශේෂයක් ලබා ගත හැකිය.

මෙම යෙදවුම ගනුදෙනු ඉතිහාසය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් පනවා නොමැත. මෙයින් අදහස් කරන්නේ ගනුදෙනුකරුවන්ට කිසිඳු කරදරයකින් තොරව තමන් විසින් සිදු කළ පළමු ගනුදෙනුවට වුවද පිවිසිය හැකි බවයි. ඊට අමතරව, යෙදවුම මඟින් පාරිභෝගිකයින්ට “ප්‍රියතම ගෙවීම් ” සහ “සැලසුම් කළ ගෙවීම් ” එකතු කිරීමට ඉඩ සලසයි, එමඟින් සමස්ත පරිශීලක අත්දැකීම් තවදුරටත් සරල කරයි. ගනුදෙනුකරුවන්ගේ ගිණුම් “සැඟවුණු” හෝ “බැලීමට පමණක්” ලෙස විකල්පයන් සැකසීමට සහ ඔවුන්ගේ ගනුදෙනු සීමාවන් තමාට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට ඉඩ සලසමින්, යෙදවුම ඔවුන්ගේ බැංකු අත්දැකීම් තවදුරටත් පාලනය කර ගැනීමට ඉඩ ලබාදෙයි.

මෙමගින් HNB ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ගනුදෙනු ඉතිහාසය, හිඟ මුදල් පියවීම සහ බිල්පත් ගෙවීම් සඳහා ප්‍රවේශය ඇති බව සඳහන් කළ යුතුය. ඊට අමතරව, ජංගම ගිණුම් කළමනාකරණය, ඉතුරුම් ගිණුම්, ණය සහ ස්ථාවර තැන්පතු පවා ඇතුළුව සියලුම සාමාන්‍ය බැංකු සේවා පාරිභෝගිකයින්ට පිරිනමනු ලබනු අතර යෙදවුමේ ඉදිරි යාවත්කාලීන කිරීම් හරහා තවත් විකල්ප ඇතුළත් වනු ඇත.

HNB ගනුදෙනුකරුවන්ට මෙම යෙදවුම හරහා "කෑෂ් ටු මොබයිල් - Cash to Mobile" පහසුකම භාවිතා කර, HNB ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීම සඳහා ඕනෑම පුද්ගලයෙකුට අරමුදල් මාරු කිරීම කළ හැකිය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 July 2021 22:07