May 18, 2024

පීපල්ස් ලීසිං නව වෙබ් අඩවිය දියත් කෙරේ

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ නව වෙබ් අඩවිය මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අතින් මුදල් අමාත්‍යාංශයේදී පසුගියදා දියත් කෙරුණි.

පාරිභෝගිකයන්ගේ ගනුදෙනු වඩාත් පහසු කරවීම සහතික කිරීමක් ලෙස භාෂා ත්‍රිත්වයෙන්ම පීපල්ස් ලීසිං සමාගමේ වෙබ් අඩවිය නැවත දියත්කිරීමේ අවස්ථාවට මහජන බැංකුව හා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධීකාරී ෂමින්ද්‍ර මර්සිලින් යන මහත්වරු සහභාගී වූහ.

පීපල්ස් ලීසිං සමාගමේ නිල වෙබ් අඩවිය මෙසේ නැවත දියත් කෙරුණේ පසුගිය මැයි 31 වැනි දිනට යෙදී තිබූ එම 25වන සංවත්සරය වෙනුවෙනි.

පීපල්ස් ලීසිං සමාගමේ වෙබ් අඩවිය දියත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේ පීපල්ස් ලීසිං සමාගම සැමවිටම යමක් වෙනස් ආකාරයට සිදුකිරීමට මූලාරම්භය ලබාදෙන සමාගමක් බවය.

‘ඩිජිටල් ලෝකයෙන් ලැබෙන තාක්ෂණික පහසුකම් නිවැරදිව භාවිතා කරමින් මෙම නව තත්ත්වය හමුවේ සම්ප්‍රදායෙන් පිට පැන පීපලස් ලීසිං සමාගම කටයුතු කරන ආකාරය සෙසු ආයතනවලටත් කදිම ආදර්ශයක්.’ යැයි රාජ්‍ය ඇමති කබ්රාල් මහතා තවදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 July 2021 09:42