May 12, 2024

ඔඩිලියා රෙසිඩෙන්සීස් නිගම්බෝ වෙතින් සුඛෝපභෝගී නිවාස

සුඛෝපභෝගී නිවාස හඳුන්වා දීමෙන් විශ්වාසනීය නමක් දිනූ ඔඩිලියා රෙසිඩෙන්සීස් (පුද්ගලික) සමාගම පසුගියදා මීගමුව, කිඹුලාපිටිය පාරේ සිය නවතම නිවාස ව්‍යාපෘතියේ නිවාස කිහිපයක් හිමිකරුවන්ට භාරදීමේ උත්සවයක් පැවැත්වීය. ඔඩිලියා රෙසිඩෙන්සීස් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෝහිත අබේගුණරත්න මහතා ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයට එම නිවාස ව්‍යාපෘතියේ පදිංචිකරුවෝ ද සහභාගි වූහ.

වාස්තු විද්‍යාවට අනුව සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියට නිදන කාමර 3කින් සහ 4කින් සමන්විත මහල් නිවාස 32ක් ඉදිකර ඇත. මෙහි නිවාස සැලසුම් 4කින් සමන්විත බැවින් නිවැසියන්ට සිය අභිරුචිය පරිදි අවශ්‍ය ආකාරයේ නිවසක් තෝරා ගැනීමට නිදහස තිබේ. වර්තමාන ජීවන රටාවට උචිත අයුරින් සුවපහසු ආකාරයෙන් සෑම නිවසක්ම නිදහස් වාතාවරණය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් ඉදිකර තිබේ. මෙම නිවාස නව දිවියක් අරඹන පවුල් සඳහා සාමකාමීව සහ සුවපහසුව ජීවත්වීමට සුදුසු වන අතර, පරම්පරා දෙකකට වුවත් ගැළපෙන ගෘහ නිර්මාණ ශිල්පයෙන් යුතුව නිමා කර තිබේ.

මෙම නිවාස ව්‍යාපෘතිය මීගමුව නගරයට සමීප දුරක පිහිටා ඇති අතර, සමාජ ශාලාවක්, පිහිනුම් තටාකයක්, කුඩා දරුවන්ගේ ක්‍රීඩා පිටියක්, ඇවිදින මංතීරු හා විසිහතර පැයේදීම ක්‍රියාත්මක ආරක්ෂාවක් වැනි නවීන ජීවන රටාවකට ඔබින සියලු පහසුකම්වලින් සමන්විතය.

මෙහි නිවාස සඳහා ගුණාත්මක බවින් ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිත කර ඇති අතර, සුපිරි තත්ත්වයේ වෙළෙඳ සන්නාම සහිත අභ්‍යන්තර උපකරණ සවිකර තිබේ. ගුණාත්මකභාවය තවදුරටත් තිව්ර කරමින් ඔඩිලියා රෙසිඩෙන්සීස් වෙතින් වසර විසිපහක වගකීමක් ද පිරි නැමේ.

මෙවැනි නිවසක් හිමිකර ගැනීම වාසනාවක් බව අවධාරණය කළ ඔඩිලියා සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ රෝහිත අබේගුණරත්න නිවාස හිමියන්ට සුබ පැතුවේය. එමෙන්ම කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය වැනි බොහෝ බාධක හමුවේ වුවද මෙම නිවාස ව්‍යාපෘතිය නිමා කරගැනීමට හැකිවීම සමාගමේ ජයග්‍රහණයක් බවත් ඒ මහතා කීවේය. මූල්‍යමය අතින් සහ පිහිටීම අතින් ප්‍රතිලාභ සහිත වූ මෙවැනි නිවසක් හිමිකර ගැනීමට ලැබීම කදිම අවස්ථාවක් බවත් ඔහු අවධාරණය කළේය.

ඔඩිලියා රෙසිඩෙන්සීස් (පෞද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය පියවි විජේවර්ධන, සහකාර සාමාන්‍යධිකාරී (වෙළෙඳ) ආසිරි ලියනගේ, වෙළෙඳ කළමනාකරු ප්‍රගීත් ජයවර්ධන මහත්ම මහත්මීහු සමඟ එම සමාගමේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ. 

Rate this item
(0 votes)
Last modified on Monday, 05 July 2021 09:34