May 18, 2024

මහජන බැංකුවේ 60 වන සාංවත්සරික විශේෂ කලාපය සභාපතිට පිළිගන්වයි

මහජන බැංකුවේ 60 වැනි සාංවත්සරික විශේෂ 'බැංකුවයි ඔබයි' කලාපය මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා වෙත එහි ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා විසින් ජූලි මස 01 වැනිදාා කොළඹ 02, මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදී පිළිගන්වන ලදි.

මෙම අවස්ථාවට 'බැංකුවයි ඔබයි' සංස්කරණ උපදේශකවරුන් වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි(පූර්ණ ව්‍යාපාර ගනුදෙනු) නිපුණිකා විජයරත්න මහත්මිය, වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(බැංකු සහාය සේවා) ලලිත් විතාන, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන සහ ප්‍රධාන සංස්කාරක සුපුන් අතුකෝරල යන මහත්වරුන්ද සහභාගි විය.

මහජන බැංකුවේ ආරම්භය, ඉතිහාසය, වර්තමානය, අනාගත දැක්ම හා දශක හයක සමාජ, ආර්ථික මෙහෙවර පිළිඹිබු වන විශේෂාංග ලිපි මෙන්ම කාර්ය මණ්ඩලයේ නිර්මාණවලින් මෙම විශේෂ කලාපයට සමන්විතය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 02 July 2021 20:43