May 17, 2024

CDB විශිෂ්ටයන් Virtual Infinity Awards 2019/20 උළෙලේදී අගයයි

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී.එල්.සී. (CDB) සමාගමේ කාර්ය මණ්ඩලය අතරින්, පසුගිය මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ටතම දක්ෂතා දැක්වූ සාමාජික සාමාජිකාවන්ට සම්මාන පිරිනැමූ CDB Infinity 2019/2020 සම්මාන උළෙල පසුගියදා සුවිශේෂී ‘Virtual’ සම්මාන උළෙලක් ලෙස පැවැත්විණි. මෙම අවස්ථාවට CDB ශාඛා 71 ක සාමාජික සාමාජිකාවන් 1,700 කට අධික පිරිසක් සහභාගී වූ අතර, කොළඹ ඔරාබිපාශා මාවතේ පිහිටි CDB ප්‍රධාන කාර්යාලයේ සිට සම්මාන උළෙල සජීවීව විකාශය කරන ලදි.

නායකත්ව ගුණාංග සමගින් අතිවිශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ CDB සාමාජික සාමාජිකාවන් 140 කට අධික පිරිසක් වෙත මෙහිදී සම්මාන පිරිනමන ලදි. මීට අමතරව, CDB සමාගමේ 25 වන සංවත්සරයට සමගාමීව, දීර්ඝකාලීන සේවය වෙනුවෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 100 දෙනෙකු ඇගයීමට ලක්කිරීම විශේෂත්වයක් විය. සභාපතිගේ අභියෝගතා කුසලානය, අධ්‍යක්ෂ මණ්ඩල අභියෝගතා කුසලානය, සහ CDB 100Mn RRT Super Gold සම්මානය ඇතුළු සම්මාන රැසක් මෙම සම්මාන උළෙලේදී ජයග්‍රාහකයන් වෙත පිරිනමන ලද අතර, මෙම වසරේ RRT Super Gold සම්මානලාභියා වෙත අලුත්ම Honda Civic මෝටර් රථයක් හිමි විය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 July 2021 21:06