May 15, 2024

JAT Holdings පාරිභෝගික ලෝයල්ටි වැඩසටහන සාමාජිකයන් 100,000 සීමාව පසුකරයි

JAT Holdings පාරිභෝගික ලෝයල්ටි වැඩසටහන (Customer Loyalty Program), අවුරුදු 2 ක් වැනි කෙටි කාලයක් තුළ පාරිභෝගිකයන් 100,000 ඉක්මවීමට සමත් වී තිබේ. මෙය JAT Holdings හි විශිෂ්ට ප්‍රමිතියකින් යුත් නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගිකයන් තබා ඇති නොසැලෙන විශ්වාසයට මනා සාක්ෂියකි.

මෙම විශ්වාසයට කෘතගුණ සැලකීමක් වශයෙන් 2019 වසරේදී JAT Holdings විසින් මෙම පාරිභෝගික ලෝයල්ටි වැඩසටහන ආරම්භ කරන ලදී.

තම පාරිභෝගිකයන් අතරින් බොහෝ දෙනකු සාමාන්‍යයෙන් බැංකු සේවාවන් භාවිත නොකරන, දෛනික ආදායම් උපයන පින්තාරු ශිල්පීන් සහ වඩු කාර්මිකයන් වැනි පුද්ගලයන් බව වටහාගත් JAT Holdings, මෙම වැඩසටහන මගින් හිමිවන ලකුණු (Loyalty points) කොමර්ෂල් බැංකුවේ විශේෂ ඩෙබිට් කාඩ්පතක් හරහා මුදල් බවට පත්කරගත හැකි ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 June 2021 20:54