May 17, 2024

PickMe වෙතින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නව යෙදවුමක්

PickMeආයතනය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් නවතම යෙදුමක් හඳුන්වා දී ඇත. මෙම යෙදුම මඟින් එම ව්‍යාපාරවලට තම ප්‍රවාහන ගාස්තු සියයට 40කින් අඩු කරගැනීමට හැකි බව එම ආයතනය සඳහන් කරයි.

මීට පෙර මහා පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් සීමා වූ යෙදුම, වර්තමානය වනවිට මධ්‍යම හා කුඩා පරිමාණ ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලීම සඳහා මනාව සකස් කර ඇති අතර, මෙම ඩිජිටල් වේදිකාව ඔස්සේ කුලී රථ තෝරා ගැනීමට හා එම බිල්පත් අදාළ සමාගම්වලට ඍජුව ගෙවීමේ අවස්ථාව ලැබෙන බව ද එම සමාගම කියයි.

PickMe ආයතනයේ විකුණුම් අංශයේ ආයතනික ප්‍රධානි, ලක්මාල් වීරසූරිය මහතා මෙසේ පැවැසීය.

“ඕනෑම ව්‍යාපාරයක් අප සමඟ ලියාපදිංචි වීමේදී, නිවැරැදි ගෙවීම් ක්‍රමයක් හා PickMe සේවාවන් භාවිත කිරීමට හැකියාව ඇති සේවකයන්ගේ ජංගම දුරකතන අංක පමණක් අපට ලබාදීම ප්‍රමාණවත් වේ. මෙම යෙදුමේ ඇති සුවිශේෂිතම අංගය නම් කාර්යාලයේ ගණකාධිකාරිවරුන්ට සහ ඉහළ නිලධාරීන්ට තම සේවකයන්ගේ නිල ගමන් බිමන් පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකි වීම බවයි.”

පැරැණි ගනුදෙනු ක්‍රම වන වවුචර පිරවීම සහ ප්‍රතිපූරණයන් වෙනුවට, PickMe ආයතනය ආරක්ෂිත පරිසරයක මුදල් රහිත ගනුදෙනු කිරීමේ නවීන පද්ධතියක් හඳුන්වා දී ඇත. කාර්යාලීය සේවකයන්ට තම ගමනාගමනයන්ට හේතු සටහන් කළ හැකි අතර, මාර්ග සිතියමක් සහ වේලාවක් යෙදුම මඟින් ලබාදෙන බැවින්, එම දත්ත භාවිතයෙන් පහසුවෙන් ගෙවීම් අනුමත කිරීමට හැකියාව ඇත.”

Rate this item
(0 votes)
Last modified on Sunday, 27 June 2021 21:11