May 17, 2024

කොරෝනාවෙන් පීඩාවට පත් ජනතාවගේ පිහිටට ඔරෙල් කෝපරේෂන්

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් ජීවනෝපායන් අහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ දිගන අම්බකෝට්ටේ පවුල් 1500 සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩ පිළිවෙලක් ඔරෙල් කෝපරේෂන් ( Orel Corporation ) ආයතනයේ අනුග්‍රහය ඇතිව අද දින ආරම්භ විය.

මෙහි ආරම්භක වැඩසටහන දිගන අම්බකොට්ටේ ශ්‍රී සුගත තපෝවනය විහාරස්ථානයේදී පැවැත්විය.

මේ කටයුත්ත සඳහා අඹකොටේ ග්‍රාම නිලධාරී රෝහිත ගුණසේකර, තෙල්දෙණිය මුලස්ථාන පොලිස් පරීක්ෂක සී.අයි.පද්මකුමාර යන මහත්වරුන් සහභාගී විය.

ඔරෙල් කෝපරේෂන් ආයතනයේ සේවක පිරිස වන අංජන මහගෙදර, උමේෂ් ද සිල්වා, නුවන් ඉන්දික, ඉන්දික බණ්ඩාර, ඉනෝක් හපුතන්ත්‍රී, කනිෂ්ක හලංගොඩ යන අයගේ සහභාගිත්වයෙන් සිදු කෙරුනි.

Rate this item
(0 votes)