පසුගිය දා පැවැති ලෝක ළමා දිනයට සමගාමීව ළමා දින සැමරුම් උත්වසයක් සංවිධානය කරන්නට මෙරට රක්ෂණ සමාගමක් වන ‘Amãna Takaful PLC’පියවර ගෙන තිබුණි. ඒ “Protect uswith love” නම් වූ තේමාව යටතේයි.
අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ ‘Adhyapana සහEdukate’යන රක්ෂණ ඔප්පු හිමියන්මෙය පැවැත් වූණි.
දකුණු ආසියානු සෞඛ්‍ය සහ තාක්ෂණික පදනමේ (South Asian Instituteof Technology and Medicine (SAITM)) සහIlma International Schoolහී ප්‍රධානී Husni Hussain මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මීට එක් වී තිබුණු අතර Amãna Takaful PLC’හී ප්‍රධාන විධායක නිලධාරී Fazal Ghaffoorඇතුළු පිරිස ඊට එක් විය.
මෙහිදී දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා වූ රක්ෂණාවරණයක් වන ‘Adhyapana සහ Edukate’ඔප්පු ලාභීන් 800 ක් වූ පිරිසක් එක් වී සිටි අතර ඔහුන් වෙනුවෙන් එදින විශේෂිත වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.