April 27, 2024

බන්දුලගෙන් 5000ක සහන මල්ලක්

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය විසින් ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවේදී ගත් තීරණය පරිදි මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති පවුල් සහ වසංගතය පැතිර යාම උග්‍ර බවට හඳුනා ගනිමින් ‍මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත් රු.5000/=ක් වටිනා සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි සතොස ආයතනය විසින් කටයුතු සලසා ඇත.

මෙරට පවත්නා වසංගත තත්වය හමුවේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශයන් අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත් සහන මලු අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් සතොස අලෙවිසැල් ජාලය හා සමූපකාර අලෙවිසැල් ජාලය විවෘතව තැබේ.

මෙම සහන මල්ල සඳහා ඇතුළත් වන භාණ්ඩ මෙසේය.

  1. සුදු නාඩු සහල් 10kg 
  2. රතු කැකුළු සහල් 5kg 
  3. පාන් පිටි 3kg 10
  4. අල(දේශීය) 3kg 
  5. රතු පරිප්පු 2kg 
  6. සුදු සීනි කිලෝ 1kg 
  7. දුඹුරු සීනි කිලෝ 1kg 1
  8. හාල්මැස්සන් (තායි) 500g 
  9.  බී ළූණු 3kg
  10. තේ කොළ 200g
  11. ගම්මිරිස් 100g
  12. ලුණු කැට 1kg
  13. මිරිස් කුඩු 200g
  14. සෝයා මීට් 90g පැකට් 02
  15. දෙවැනි බත 350g
  16. නූඩ්ල්ස් 1kg
  17. ක්‍රිම් ක්‍රැකර් බිස්කට් 500g
  18. මාරි 300g පැකට් 1
  19. මුහුණු ආවරණ 10
  20. විෂබීජ නාශක දියර 100ml
Rate this item
(0 votes)
Last modified on Friday, 14 May 2021 14:28