April 26, 2024

TECNO Mobile ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන වෙළෙඳපොලට පිවිසෙයි

ලෝකයේ ප්‍රමුඛතම ජංගම දුරකථන සන්නාමයක් වන TECNO Mobile සිය පෙරළිකාරී ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය වන ‘Spark 6 Go’ හඳුන්වාදෙමින්  ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන වෙළෙඳපොල වෙත පසුගියදා ප්‍රවේශ විය. චීනයේ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන තාක්ෂණයෙහි ඉදිරියෙන්ම සිටින TRANSISSION Holdings සමූහයේ ප්‍රමුඛතම සන්නාමයක වන TECNO Mobile ජාත්‍යන්තර වෙළඳපොල තුළ වේගයෙන් ඉදිරියට යමින් සිටින අතර, 2020 වර්ෂයේදී  International Data Corporation විසින් ලෝකයේ ප්‍රමුඛතම ජංගම දුරකථන සන්නාම 10 අතරට ද ශ්‍රේණිගත කරන ලදී. පුළුල් අලෙවි නියෝජිත ජාලයක් හරහා සිය නිෂ්පාදන රට පුරාම අලෙවි කිරීමට TECNO Mobile කටයුතු කරන අතර, අති නවීන තාක්ෂණයෙන් නිපදවන උසස් ප්‍රමිතියේ ස්මාර්ට් ජංගම දුරකථන පහසු මිලට මෙරට පාරිභෝගිකයින් වෙත රැගෙන එයි.

TECNO Mobile සමාගමේ ශ්‍රී ලංකාවේ අලෙවි කටයුතු භාර කළමනාකරු වශයෙන් කටයුතු කරන Ray Zhao මෙසේ සිය අදහස් දක්වා සිටී. “අපගේ නව්‍යකරණ නිපැයුම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් අතට පත්කරන්නට ලැබීම ගැන අපි ඉතාමත් සතුටට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන වෙළෙඳපොල තුල දැවැන්ත වෙනසක් සිදුකරන්නට TECNO Mobile සමාගමට හැකියාව ලැබෙන බව අපි විශ්වාස කරනවා. අපගේ විශිෂ්ට සේවාව, අති නවීන නිෂ්පාදන තාක්ෂණය වගේම පාරිභෝගිකයාට පහසු මිලගණන් නියම කිරීම වැනි කරුණු ඒ වෙනසට ප්‍රධාන වශයෙන්ම හේතුවනු ඇතැයි අපි කල්පනා කරනවා. 'Expect More' යනු අපගේ ව්‍යාපාර ආදර්ශ පාඨයයි. නවීන යුගයේ ජංගම දුරකථන පාරිභෝගිකයා ගේ සන්නිවේදන අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් විශිෂ්ටතම තාක්ෂණික විසඳුම් නිර්මාණය කිරීම අපගේ සාර්ථකත්වයෙහි පදනමයි. එම විශිෂ්ට ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන ශ්‍රී ලාංකික ඔබ අතට පත්කරන්නට ලැබීම ගැන අපට ආඩම්බරයි.”

මෙ‍රට වෙළෙඳපොලට හඳුන්වාදෙන ප්‍රථම TECNO Mobile ස්මාර්ට් ජංගම දුරකථනය වන SPARK 6 Go, අඟල් 6.52 HD + Drop තිරයකින් සමන්විත අතර, 5000 mAh බැටරියකින් යුක්තය. මෙම දුරකථනය -32GB+2GB සහ 64GB+3GB වශ‍යෙන් memory ධාරිතා විසඳුම් දෙකකින් තෝරාගැනීමට හැකියාව තිබේ. SPARK 6 Go ස්මාර්ට් දුරකථනය 8MP ඉදිරි කැමරාවකින් සහ 13MP  පසුපස කැමරා ද්විත්වයකින් (ෆ්ලෑෂර් දෙක) සමන්විත වේ. AI scene detection, AI beautification වැනි ස්මාර්ට් features ද මෙම දුරකථනය සතුවේ. HiOS 6.2 TECNO මෙහෙයුම් පද්ධතියක් සතු SPARK 6 Go ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරන්නාට ඉතා ප්‍රයෝජනවත් ක්‍රියාකාරීත්වයන් රැසකින් සමන්විත වේ. උදාහරණයක් වශයෙන් SPARK 6 Go ස්මාර්ට් ජංගම දුරකථනය සමග බ්ලූටූත් ස්පීකර්/ ඉයර්ෆෝන් 3ක් සම්බන්ධ කළ හැකි අතර, හිත මිතුරන් සමගද සංගීතය රසවිඳීමට වැඩි පහසුවක් ලබා දෙයි. මෙහි තිබෙන Social Turbo පහසුකම නිසා වට්ස් ඇප් චැට් කිරීම වඩාත් විනෝදජනක කරන අතර, ඊට DIY emoji පහසුකම සම්බන්ධ කර තිබේ. එමෙන්ම ඇමතුම් ලැබීමේදී  flashing වන නිසා ඊට තවත් පාරිභෝගික ආකර්ෂණය හිමිව ඇත. Face recognition සහ fingerprint unlocking විසඳුම් සමග SPARK 6 Go ස්මාර්ට් ජංගම දුරකථනය Ice Jadeite හා Aqua Blue වර්ණයන්ගෙන් මිලදී ගත හැක.

නවීන ඩිජිටල් යුගය තුල ශ්‍රී ලාංකිකකයින් වැඩි වශයෙන් නව්‍ය සන්නිවේදන තාක්ෂණ භාවිතාවන්ට යොමුවීම ඉතා වැදගත්ය. TECNO Mobile සමාගම සෑම විටම නව්‍යකරණයෙන් යුතු ජංගම සන්නිවේදන නිපැයුම් හඳුන්වා දෙමින් ජනතාවගේ ජීවන අත්දැකීම් හා සබඳතාවයන් සවිබල ගැන්වීමට කටයුතු කරයි. ඒ සඳහා තාක්ෂණය සතු කාර්යභාරය මැනවින් අවබෝධකරගනිමින් ජනතාව ඩිජිටල් තාක්ෂණ භාවිතාවන් සඳහා වැඩි වශයෙන් ප්‍රවේශ කරවීමට TECNO Mobile සමාගම වැඩි උනන්දුවක් දක්වයි. එනිසා TECNO Mobile සමාගම වෙනස් වූ ජීවන රටාවන්ට ගැලපෙන නව්‍යකරණ තාක්ෂණ පහසුකම්වලින් සපිරි ස්මාර්ට් ජංගම දුරකථන පහසු මිල ගණන් යටතේ පාරිභෝගිකයා වෙත ලබා දීමට කැපවීමෙන් කටයුතු කරයි. අලංකාර මටසිලිටි නිමාවෙන් යුතු මෙම දුරකථනය අනිකුත් දුරකථන අතරින් විශේෂයෙන් කැපී පෙනෙන ලෙස නිපදවා ඇත. අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් හා මාස 13 ක වගකීම් කාලයක් ඊට හිමිවන අතර, එය අනිකුත් ජනප්‍රිය සන්නාමයන් වෙතින් නොලැබෙන සුවිශේෂී අවස්ථාවක් ද වේ.

TECNO Mobile ලොව නැඟී එන වෙළඳපොලවල් 60 කට අධික ප්‍රමාණයක සිය ආධිපත්‍යය තහවුරු කරගෙන ඇති දැවැන්ත ගෝලීය සන්නාමයක් මෙන්ම ලොව ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩා සමාජයක් වන මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජයේ නිල ටැබ්ලට් පරිඝණක සහ හෑන්ඩ්සෙට් අනුග්‍රාහකයාද වේ.

Rate this item
(0 votes)