April 27, 2024

OPPo F19 PRO මාදිලිය ශ්‍රී ලංකාවට

OPPO සමාගමේ F Series දුරකථන මාලාවේ මෙතෙක් එළිදුටු තාක්ෂණික වශයෙන් දියුණුතම මාදිලියක් ලෙස හැඳින්විය හැකි OPPO F19 Pro මාදිලිය ශ්‍රී ලංකාවට පසුගියදා හඳුන්වා දුන්නේය. අන්තර්ජාලය නිර්මාණශීලී ලෙස භාවිතාකරන්නන්ට හොඳින් ගැළපෙන වීඩියෝ විශේෂාංග ඇතුළු නවතම විශේෂාංග රාශියක් මීට ඇතුළත් වී තිබේ.

මෙම දුරකථන මාදිලිය හඳුන්වා දීම සඳහා පැවති ‘F19 PRO Stylish Launch Night’ වැඩසටහන OPPO Sri Lanka හි නිල සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ විකාශය කරන ලදී.

විශිෂ්ට ඡායාරූප සහ වීඩියෝ ලබාදීම සඳහා මෙම නව පෙරළිකාරී දුරකථන මාදිලියට 48 MP quad කැමරා, 48MPප්‍රධාන කැමරාවක්, 8 8MP ultra wide-angle කැමරාවක්, 2MP macro කැමරාවක් සහ 2 MP mono කැමරාවක් සහිත කැමරා පද්ධතියක් යොදා තිබේ. මෙය වඩාත් හොඳ color-depth එකක් සහ සුපැහැදිලිතාවක් ලබාදීමට උපකාරී වෙයි. එමෙන්ම instagram සඳහා ඉතාමත් අලංකාර සෙල්ෆි ඡායාරූප ලබාදෙන 32MP ඉදිරිපස කැමරාවක්ද මීට යොදා ඇත.

AI Color Portrait Video iy Monochrome යනු නිර්මාණකරුවන්ගේ නිර්මාණශීලීත්වය පුබුදන තවත් විශේෂාංග දෙකකි. AI Color Portrait Video මගින් වීඩියෝ දර්ශනවල සිටින පුද්ගලයා හඳුනාගෙන ඔහු හෝ ඇය වර්ණවත් සහ එම පසුබිම කළු සහ සුදු කරමින් පෙනුම වඩාත් සෞන්දර්යාත්මක කරන අතර, Monochrome මගින් එක් RGBවර්ණයක් වැඩිදියුණු වීඩියෝ කරමින් දර්ශනයේ කලාත්මක බව වැඩිකරයි. එමෙන්ම මෙහි Dual-View Video මගින් ඉදිරිපස සහ පසුපස කැමරා මගින් එකවර වීඩියෝ දර්ශන ලබාගත හැක. විශේෂයෙන්ම සජීවී වීඩියෝ ඉදිරිපත් කරන්නන් ඉලක්කකර ගෙන හඳුන්වා දී ඇති මෙම විශේෂාංගය මගින්, දෘෂ්ටිකෝණ කිහිපයක් අවශ්‍ය වන ප්‍රසංග හා උත්සව ආදිය වඩාත් හොඳින් ආවරණය කළ හැකි වේ.

විශිෂ්ට හා වෘත්තීය මට්ටමේ ඡායාරූප ලබා ගැනීමට හැකිවීම සඳහා AI Beautification 2.0, AI scene enhancement සහ තවත් විශේෂාංග රැසක්ද OPPO F19 Pro මාදිලියට ඇතුළත් කර ඇත.

4310 MAHබැටරියක් සහ 30 W VOOC Flash Charge 4.0 තාක්ෂණය සහිත OPPO F19 Pro මාදිලිය බැටරියේ ආරෝපණය දිගු කාලයක් රඳවා ගත හැකිය.

නව මාදිලිය එළිදැක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් OPPO Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා මෙසේ පැවසී ය. “නව OPPO F19 Pro මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම අපට විශාල සතුටක්. මෙය විශේෂයෙන්ම තම අදහස් ලොවට කියාපෑමට නිර්මාණශීලී මාවත් සොයන තරුණ පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය වේවි කියා මා සිතනවා. ඒ වගේම F19Pro මාදිලිය සඳහා සන්නාම තානාපතිනිය ලෙස උමාරියා සිංහවංශ එක්වීම ගැනත් බෙහෙවින් සතුටු වනවා. ඇය සතු ජනප්‍රියත්වය වගේම, හැකියාව, සුවිශේෂීත්වය සහ කැපී පෙනෙන ස්වභාවය යනාදිය ඇයටත් ඇය නියෝජනය කරන OPPO F19 Pro මාදිලියටත් පොදු ගුණාංග ලෙස අප දකිනවා.”

නව F19 මාදිලියට සමගාමීව OPPO Smart Band උපාංගය හඳුන්වා දීමද සිදුවිය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 March 2021 15:49