April 26, 2024

අධ්‍යාපන කටයුතු සදහා වීඩියෝ (online) සම්මන්ත්‍රණ යොදාගැනීමට ඉක්ටා (ICTA) ආයතනයෙන් තාක්ෂණික පහසුකම් හා පුහුණුව

පවතින කොවිඩ් වසංගත තත්වයන් තුල අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අන්තර්ජාල  වීඩියෝ  (online )සම්මන්ත්‍රණ  වඩාත් පලදායි ලෙස භාවිතා කිරීමට අවශ්‍යය තාක්ෂණික  පහසුකම් හා පුහුණුව ලබා දීමට  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA )  වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කරයි. ඒ අනුව  www.mytutor.edu.lk වෙබ් අඩවියේ ලියාපදිංචි උපකාරක පන්ති ගුරුවරුන්  සිය දෙනෙකු 100 මුල් අදියර යටතේ පුහුණු කෙරෙනු ඇති . ඒ සදහා ශ්‍රී ලංකා ඉවිස් (ewis )  ආයතනය සහාය වේ.  ඒ සම්බන්ද වූ අවබෝදතාගිසුම අත්සන් කිරීම   ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී  පසුගිය 2 දා සිදුකෙරිණ .

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති  මහාචාර්ය ලලිත් ගමගේ  සහ  ඉවිස්   ආයතනයේ  සභාපති / ප්‍රධාන විධායක නිලධාරී  සංජීව  වික්‍රමනායක මෙම අවබෝදතා ගිවිසුම  අත්සන් කරන ලදී. 

මේ අවස්ථාවට  හර්ෂ රන්දෙනි  (මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ   තාක්ෂණික විකුණුම් කළමනාකරු) හසිත  අබේවර්ධන (මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකාව සහ මාලදිවයින  - කළමනාකරු) මනූජා සෝමරත්න (සාමාන්‍යාධිකාරී,ewis වෘත්තීය පුහුණු) ආචාර්ය රොහාන්ත රොඩ්රිගෝ (ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරී, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය)  යන අය සහබාගි වුහ .

Rate this item
(0 votes)