April 27, 2024

SDB බැංකුව LMD - Most Awarded ශ්‍රේණිගත කිරීමේ පළමු සමාගම් 50 අතරට එක් වෙයි

February 11, 2021

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර ආයතන අතර පෙරටම යමින් SDB බැංකුව, මෑතකදී LMD සඟරාව විසින් පළමු වරට ප්‍රකාශයට පත් කල “වැඩිම සම්මාන ලද සමාගම් (Most Awadred) ශ්‍රේණිගත කිරීමේ පළමු සමාගම් 50 අතරට එකතු වී ඇත.

ව්‍යාපාර ලෝකයේ වැදගත් ශ්‍රේණිගත කිරීමක් ලෙස සැළකෙන LMD Most Awarded ශ්‍රේණිගත කිරීමේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත්‍ර වූ සමාගම් ශ්‍රේණිගත කිරීමයි. පළමු වරට ප්‍රකාශයට පත් කෙරුණු මෙම ශ්‍රේණිගත කිරීම සඳහා 2019 ජනවාරි මස සිට 2020 සැප්තැම්බර් මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ අදාළ සමාගම් විසින් දිනාගත් ජාත්‍යන්තර හා දේශීය සම්මානවලට එකතුව සළකා බලන ලදි. SDB බැංකුව පළමු 50 දෙනා අතරට අයත් වීම සඳහා පැමිණි ගමනේදී බොහෝ දැවැන්ත බහුජාතික ව්‍යාපාර සමාගම් හා දේශීය බහුවිධ සමාගම්ද පසුකර තිබීම විශේෂත්වයකි.

සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ ප්‍රමුඛතම බැංකුව ලෙස ගොඩනඟා ගත් කීර්තියද සමඟ SDB බැංකුව මෑතකාලීනව ආයතනික ව්‍යාපාර අංශයට වැඩි අවධානයක් යොමු කිරීම මෙලෙස තරඟකාරී, ප්‍රමුඛතම වාණිජ ආයතන අතරට පැමිණීමට මූලික හේතුවකි.

ඊට අමතරව පසුගිය කාලය පුරා SDB බැංකුව ඩිජිටල් නව්‍යකරණය අංශයෙන් අත්පත් කරගත් දැවැන්ත වර්ධනයද මෙලෙස ප්‍රමුඛතම ව්‍යාපාර අතරට එක් වීමට බල පෑ තවත් හේතුවකි. ව්‍යාපාර සඳහා අන්තර්ජාල බැංකුකරණය හඳුන්වා දීම, SDB මොබයිල් ඇප් හරහා නවීන අන්තර්ජාල බැංකුකරණ සේවා සැපයීම, SDB වෙබ් අඩවිය ජංගම දුරකතන සඳහා යෝග්‍ය වෙබ් අඩවියක් ලෙස නැවත දියත් කිරීම, SDB වීසා ඩෙබිට් කාඩ්පත් හඳුන්වා දීම, කාර්යක්ෂම ඩිජිටල් ගෙවීම් විසඳුමක් වන Upay Mobile App අත්පත් කරගෙන ඇති ප්‍රගතිය, SDB බැංකුව මෑතකාලීනව ඩිජිටල් අංශයෙන් දැක්වූ වර්ධනයන් කිහිපයක් වේ. Upay Mobile App යනු ගනුදෙනුකරුවන් හට සිය ගෙවීම් හා ගනුදෙනු ජංගම දුරකතනය හරහා පහසුවෙන් සිදු කිරීමේ හැකියාව ලබා දෙන නවීන ඩිජිටල් විසඳුමකි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 February 2021 11:54