April 27, 2024

OREL වෙතින් ඉදිරිපත් කළ නවතම වෙළෙඳ සංකල්පය ජනාධිපතිවරයා අතින් විවෘත වෙයි

ඔබගේ ජංගම දුරකථනය හරහා ගෙවීම් සිදුකළ හැකි වඩාත් ආරක්‍ෂිත, පහසුම සහ වේගවත්ම ක්‍රමයයි.

OrelPay යනු ඔබේ ජංගම දුරකථනය හරහා බාධාවකින් තොරව, සුරක්ෂිතව ගනුදෙනු කළහැකි ඩිජිටල් ගෙවීම් ක්‍රමයකි. පරිශීලකයින්ට ඔවුන්ගේ බැංකු ගිණුම්, ණය සහ හර කාඩ්පත් ඇතුළු ගෙවීම් ක්‍රම රැසක් තම OrelPay ගිණුම සමග සම්බන්ධ කළ හැකි අතර QR කේත ක්‍රමයක් හරහා පහසුවෙන් ගණුදෙනු සිදුකල හැකිය.  

Ø වේගවත් ගනුදෙනු

Ø ක්ෂණික ගනුදෙනු පියවීම්

Ø අමතර ගාස්තු රහිතයි

Ø ආරක්ෂාව

Ø එකම සහ බහු බැංකු ගෙවීම් පහසුකම්

Ø විශ්වසනීයත්වය

Ø පහසුදායි බව

Orel සේවකයන් රහිත වෙළඳසැල

 

 

අපගේ නව 24/7 ස්වයං සේවා වෙළඳසැල සාප්පු සවාරි ක්‍රමයේ නව යුගයක් ඇතිකරයි - OrelPay ඇප් එක හරහා ගනුදෙනුකරුවන්ට, ඔවුන් කැමති භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ සැලසේ.

වෙළඳසැලට ඇතුල්වීම

පියවර 1 - ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයේ ‘OrelPay’ ඇප් එක (Android සහ iOS වලින් ලබා ගත හැකිය) ස්ථාපනය කර ඇති බවට සහතික වන්න.

පියවර 2 - එහි ‘Access Orel 24/7’ යන්න තෝරා වෙළඳසැල් පිවිසුමේ ඇති QR කේතය ස්කෑන් කරන්න.

පියවර 3 - එය සාර්ථකව අවසන් වූ පසු, වෙළඳසැල් පිවිසුම විවෘත වනු ඇත.

පියවර 4 - සියලුම පුද්ගලයින් එතුළින් පිවිසුම් කුටියට පැමිණි පසු නැවතත් ඔබ දොර වසා ඇති බවට සහතික කරගන්න. අනතුරුව දෙවන දොර ස්වයංක්‍රීයව විවෘත වනු ඇත. එවිට ඔබට වෙළඳසැලට ඇතුළු විය හැකිය.

ඔබේ සාප්පු සවාරිය අරඹන්න!

පියවර 1 -ඔබ මිලදී ගන්නා භාණ්ඩයේ නම තිරය ​​මත දර්ශනය වන තුරු එහි මුද්‍රිත තීරු කේතය, කේත ස්කෑනරයෙහි තබා ගන්න. මෙය ක්‍රියා නොකරන්නේ නම්, තීරු කේතය අතින් එකතු කලයුතුය.

පියවර 2 - පිටවීමට පෙර මිලදීගත් භාණ්ඩය පහළට මුහුණලා ඇති චුම්බක පටිය සමඟ සමපාතව තබා භාණ්ඩය නිදහස් කරගන්න.

පියවර 3 - එකම වර්ගයෙන් භාණ්ඩ කිහිපයක් මිලට ගන්නේ නම් කවුන්ටරයේ ඇති තිරය මත අයිතම ගණන ගැළපෙන තෙක් ‘+’ ලකුණ ඇතුළු කරන්න. මුළු ප්‍රමාණයෙන් භාණ්ඩ අඩුකිරීමට නම් ‘-’ බොත්තම එබිය හැකිය. නැතිනම් එකම භාණ්ඩය නැවත නැවත ස්කෑන් කිරීමේ හැකියාවද ඇත.

*මිලදීගත් සියලුම භාණ්ඩ සඳහා පියවර 1, 2 සහ 3 නැවත කරන්න.

ගෙවීම්

මිලදීගත් භාණ්ඩවල තොරතුරු තිරය මත නිවැරදිව පෙන්වන බව පරිශීලකයා තහවුරු කරගත් පසු, ගෙවීම් සිදුකළ හැකිය.

පියවර 1 - තිරය මත ‘Confirm Payment’ තෝරන්න.

පියවර  2 - ‘OrelPay’ ඇප් එකෙහි ‘Show’ යන්න සලකුණු කර ගෙවීම් ක්‍රමය තෝරාගෙන QR කේතය ලබා ගන්න.

පියවර  3 - ඔබේ QR කේතය ස්කෑනරයෙහි තබා තිරය මත ගෙවීම තහවුරු වන තෙක් රැඳී සිටින්න. ගෙවීම තහවුරු වනතුරු භාණ්ඩ තැටිවලින් ඉවත් නොකරන්න. 

වෙළඳසැලෙන් පිටවීම

පියවර 1 - ඔබේ ගෙවීම සාර්ථකව අවසන් කර ඇති බවට සහතික කරගන්න.

පියවර 2 - ඇතුළු දොර විවෘත කර පිටවීමේ කුටියට ඇතුළු වන්න.

පියවර 3 - දොර වසා දමන්න.

පියවර 4 - පිටවීමේ බොත්තම ඔබන්න. ප්‍රධාන දොර ස්වයංක්‍රීයව විවෘත වන අතර ඔබට වෙළඳසැලෙන් පිටවීමට හැකි වේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 15 January 2021 14:57