ඩිජිටල් තාක්ෂණික උපාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන‘Samsung Electronics’ හී වනතම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය WTCහෙවත් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල වෙත ගෙන ගොස් තිබේ.
එම අවස්ථාව ‘Samsung Electronics– India ’හීකළමණාකාර අධ්‍යක්ෂ H.K. Changමහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රධාන විධායක නිලධාරී ‘Omer A Fareed’ මහතාගේ සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවේදී අදහස් දක්වමින් කළමණාකාර අධ්‍යක්ෂ H.K. Changමහතා සඳහන් කළේ ලොව උසස්ම තාක්ෂණික විදුලි උපාංග ඉතා ගුණාත්මක භාවයකින් යුතුව දේශීය පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් මෙම නව මධ්‍යස්ථානය විවෘත වූ බවයි. ඒ හරහා ජාත්‍යන්තර මට්ටමේ සේවාවක් සැපයීමේ හැකියාවද ‘Samsung Electronics’වෙත උදා වෙන බවද සඳහන් විය.
කොළඹ ආර්ථික මර්මස්ථානයක් ලෙස සැලකෙන ‘ලෝක වෙළඳ මධ්‍යස්ථානය’ තුළ සිය නවතම නිවහන ඇති කිරීම තුළින් අලෙවි ජාලයටද වැඩි වාසි දායක තත්ත්වයක් ඇති විය හැකි බවද විශ්වාස කෙරේ.