April 28, 2024

හාලි ඩේවිඩ්සන් චාරිකාවේ නිල අනුග්‍රාහය මිහින් ලංකා

මෙරට සංචාරක ප්‍රවර්ධනය සඳහා පැමිණි හාලි ඩේවිඩ්සන් චාරිකා කණ්ඩායම සඳහා නිල අනුග්‍රාහකත්වය ලබා දුන් බව මිහින් ලංකා ගුවන් සමාගම පවසයි.

හාලි ඩේවිඩ්සන් ඩුබායි හිමිකරුවන්ගේ සංගමය මෙරට තුළ කිලෝමීටර් 1600 ක දුරක් සිය චාරිකාව සිදු කළ අතර ඒ සිය යතුරුපැදිවලිනි.

වෙරළබඩ ප්‍රදේශ, කඳුකර ප්‍රදේශ ආදී ලංකාවේ සියලු සංචාරක ස්ථානයන් මෙහිදි අවධානයට යොමු වූ බව හාලි ඩේවිඩ්සන් ඩුබායි හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ සියලු කටයුතු සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය මිහින් ලංකා ගුවන් සේවා සමාගම හරහා ලබා දීම පිළිබඳවත් එම සංගමය සිය ස්තුතිය පළ කර සිටි.

Rate this item
(0 votes)