April 27, 2024

EDEX රැකියා පොළ අගෝස්තු 30 හා 31 දෙදින  

EDEX වර්ෂ මධ්‍ය අධ්‍යාපනික ප‍්‍රදර්ශනය හා රැකියා පොළ අගෝස්තු මස 30 හා 31 දෙදින කොළඔ ශී‍්‍ර ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී (SLECC) පැවැත්වීමට නියමිතය.

මෙම ප‍්‍රදර්ශනය හා රැකියා පොළ පෙ.ව. 10.30 ආරම්භ වී ප.ව. 07.00 දක්වා පැවැත්වේ. 

දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන මධ්‍යස්ථාන, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ දේශීය හා බහුජාතික සමාගම් රාශියක් මෙම රැකියා පොළට සහභාගී වන අතර රැකියා, රැකියා මාර්ගෝපදේශන හා අධ්‍යාපනික කුටි 115කට වැඩි ප්‍රමාණයකින් සේවය ලබා ගැනීමට හැකියාව ඇත.

දැනුම හා තොරතුරු අපේක්ෂාවෙන් පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිළේ සම්මන්ත්‍රණ, විශේෂ ශිෂ්‍ය වරප්‍රසාද හා දීමනා, අධ්‍යාපන ණය පහසුකම් හා ශිෂ්‍යත්ව මෙහිදී ලබා ගත හැක. 

පුහුණු/නුපුහුණු, උපාධිධාරී/ උපාධි අපේක්ෂක, රැකියා වියුක්ති/ඌන රැකියා නියුක්තික වැනි  ඕනෑම ක්ෂේත්‍රයක සිටින පුද්ගලයෙකුට රැකියා පොළ තුළින් සේවාව ලබා ගත හැක.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 August 2014 13:21