April 26, 2024

COVID-19 ඇඳිරිනීතිය අතරතුර පිටරට සිට එවන මුදල් දැන් ගෙදරටම

ජාත්‍යන්තර මුදල් හුවමාරු සහ ගෙවීම් පිළිබඳව ලොව ප්‍රමුඛතම සමාගමක් වන වෙස්ටර්න් යුනියන් සමාගම (Western Union) සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙස්ටර්න් යුනියන් නියෝජිතයා වන එම්.එම්.බී.එල්. මනී මාස්ටර් (MMBL Money Master) සමාගම දිවයින පුරා වෙස්ටර්න් යූනියන් පාරිභෝගිකයින් හට සිය නිවසටම මුදල් ගෙනගොස් ලබා දෙන නව සේවාවක් ආරම්භ කර ඇති බවට දැනුම් දී සිටී. 

COVID-19 අභියෝගය හමුවේ සියඵ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරනු වස් රජය විසින් ඇඳිරි නීතිය පනවා සංචරණය සීමා කර ඇති තත්ත්වයක් යටතේ ලොව පුරා සිටින තම ආදරණීයයන්ගෙන් ලැබෙන මුදල් සිය නිවසටම ලබා ගැනීමට හැකි වීම මෙරට වෙසෙන වෙස්ටර්න් යූනියන් පාරිභෝගිකයින් හට මහත් අස්වැසිල්ලක් වනු ඇත. මෙම නව සේවාව ඇඳිරි නීති තත්ත්වය යටතේ පවා සඳුදා සිට සෙනසුරාදා දක්වා පෙ.ව. 8 සිට ප.ව. 5 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.

වෙස්ටර්න් යුනියන් හි ගෝලීය ජාලයේ සභාපති ජීන් ක්ලෝඞ් ෆාරා මහතා මේ නව සේවාව පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ “වෙස්ටර්න් යූනියන් සේවාව අවශ්‍ය තැනට අවශ්‍ය වේලාවට හොඳම ආකාරයට සේවය සැපයීමට කැප වෙන සමාගමක්. එම්.එම්.බී.එල්. මනී මාස්ටර් සමාගම සමඟ එක්ව ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ට සිය ආදරණීයයන් විසින් එවනු ලබන මුදල් පහසුවෙන් ලබාගැනීමට ක්‍රමවේදයක් දියත් කිරීමට හැකි වීම අපට සතුටට සහ ආඩම්බරයට කරුණක්. විශේෂයෙන්ම පවතින දුෂ්කර තත්ත්වය යටතේ මෙය අපේ පාරිභෝගිකයින්ට විශාල අස්වැසිල්ලක් වනු ඇති බවට අපි විශ්වාස කරනවා”

“නව සේවාව නිසා මහජනයාට මුදල් වලට ඇති ප්‍රවේශය සහතික කෙරෙන අතර එමඟින් බැංකු ගිණුම් නොමැති අය ඇතුළු පුළුල් පරාසයක ගනුදෙනුකරුවන්ට අත්‍යවශ්‍ය මූල්‍ය සේවා සැපයෙනු ඇති” යැයි ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එම්.එම්.බී.එල් මනී මාස්ටර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂ් මෙන්ඩිස් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය “වෙස්ටර්න් යුනියන් සේවාව ලබන ගනුදෙනුකරුවන් වෙත මෙම නව සේවාව ලබා දීමට හැකි වීම පිළිබඳව අපි ඉමහත් සතුටට පත්වෙනවා. COVID-19 හේතුවෙන් දැනට පවතින ඇඳිරි නීතිය සහ ආයතන අවිනිශ්චිත ආකාරයට වසා දැමීම නිසා පිටරට වෙසෙන ආදරණීයයන්ගේ සහය නිතිපතා ලබාගන්නා ශ්‍රී ලාංකිකයින් අසීරු තත්ත්වයකට පත්ව සිටියා. මේ අවිනිශ්චිත තත්ත්වය යටතේ කිසිදු සහයක් නොලැබීම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ලබා ගැනීමට නොහැකි දුෂ්කරතාවයකට ඔවුන්ට මුහුණ දීමට සිදු විය හැකියි. මේ නිසා ඔවුන්ට අත්‍යවශය සේවය ලබා දීම සඳහා අපි ඉමහත් කැපවීමෙන් කටයුතු කළා”

පාරිභෝගිකයින් වෙත උපදෙස්

මුදල් තමන් වෙත යවා ඇති බව මුදල් ලබන්නාට දැනුම් දුන් පසු MMBL Money Master ඇමතුම් මධ්‍යස්ථාන දුරකතන අංක වන 011 - 5529999 හෝ 011 - 5529997 අමතා තමන්ට ළඟම MMBL Money Master ශාඛාව සොයා ගන්න.

පසුව එම ළඟම ශාඛාව අමතා දුරකථන, විද්‍යුත් තැපෑල හෝ වට්ස්ඇප් තාක්ෂණය හරහා සියලුම අනිවාර්ය තොරතුරු නියෝජිතයාට ලබා දිය හැකිය. අනිවාර්ය විස්තර අතරට MTCN, ලබන්නාගේ නම" මුදල් එවන්නාගේ නම සහ රට සහ එවන ලද මුදල් ප්‍රමාණය යන තොරතුරු ඇතුළත් වේ.

නියෝජිතයා මුදල් ලබන්නා වෙනුවෙන් zමුදල් ලැබීමටZ (TRM) පෝරමය පුරවනු ඇත. විස්තර ලබාගෙන තහවුරු කළ පසු, නියෝජිතයා මුදල් සමඟ ලබන්නාගේ නිවසට පැමිණ මුදල් බාරදීමට කටයුතු කරනු ඇත.

මුදල් භාර දීමට පෙර, නියෝජිතයා විසින් මුදල් ලබන්නාගේ හැඳුනුම්පත තහවුරු කරගනු ඇති අතර පසුව TRM පෝරමය සහ අවසන් රිසිට්පත මත අත්සන් ලබා ගෙන මුදල් සහ අවසන් රිසිට්පත මුදල් ලබන්නා වෙත ලබා දෙනු ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 April 2020 12:08