April 28, 2024

ikman.lk ලුහුඩු දැන්වීම්වල පෙරමුණ ගනී

ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙක් පිවිසෙන වෙබ් අඩවිය වන ikman.lk, මෙරට සුරතල් සත්ත්ව ලෝලීන්ට සතුන් මිලදී ගැනීම සහ විකිණීම සඳහා ඉඩකඩක් වෙන්කළ ප්‍රථම දේශීය ලූහුඩු දැන්වීම් වෙබ් අඩවිය බවට පත්වී තිබේ.

සුරතල් සතුන් අලෙවි කිරීම සහ මිලට ගැනීම සඳහා වන කාණ්ඩවලට අමතරව සතුන් සම්බන්ධ විවිධ නිෂ්පාදන හා සේවා සඳහා ඉඩක් වෙන්කිරීමට ikman.lkවෙබ් අඩවිය කටයුතු කර ඇත. මේවා අතරට මාළු ටැංකි, සුනඛ කරපටි හා දම්වැල්, සතුන්ට ආහාර දෙන භාජන වැනි දේවල් ඇතුළත්ද වෙයි.

ඒ නිසාවෙන් ikman.lkයනු සුරතල් සතුන් සම්බන්ධ සියලූ දේ සඳහා ඉඩකඩ වෙන්කරන ලූහුඩු දැන්වීම් වෙබ් අඩවියක් ලෙස හැඳින්විය හැකිය. මෙරට පිළිගත් සතුන් අභිජනනය කරන්නන්ගේ (Pet Breeders) දැන්වීම් රැසක්ද ikman.lkහි පළකර තිබේ.

ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකි ikman.lkවෙබ් අඩවිය තුළ දැන්වීම් පළකිරීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරයි. මේ ආකාරයට වෙබ් අඩවිය තුළ පළකෙරෙන දැන්වීම් පෙර පරීක්ෂාවකට ලක්කිරීමට ikman.lkහි පාරිභෝගික සේවා නියෝජිතයෝ කටයුතු කරන බවත් සඳහන් කරයි.

මසකට මිලියන 2.5පමණ දෙනා ඊට පිවිසෙන අතර එය මෙරට වැඩිම දෙනෙක් පිවිසෙන ලූහුඩු දැන්වීම් වෙබ් අඩවිය බවට පත්වී තිබේ. මෙම ජනප්‍රියත්වය හුදෙක් සුරතල් සතුන් කාණ්ඩයට පමණක් සීමාවූවක් නොව සියලූම කාණ්ඩවලට පොදු වූ ජනප්‍රියත්වයක් බවද නිවේදනය කරයි.  

Rate this item
(1 Vote)
Last modified on Thursday, 21 August 2014 12:09