April 28, 2024

ක‍්‍රිම්රාජ අයුර්වේද මහගෙදරට වසර 65 සපිරෙයි

වසර 65ක් අඛණ්ඩව පැවතීම සිය ව්‍යාපාරයේ ඇති සාර්ථකත්වය පිලිබිඹු වන බව නිවේදනයක් නිකුත් කරමින් කළමණාකාර අධ්‍යක්ෂ කැලණි විශ්ව විද්‍යාලයට අනුබද්ධ වික‍්‍රමාරච්චි ආයුර්වේද ආයතනයේ හිටපු විදුහල්පතිවෛද්‍ය සුමනරත්න අමරතුංග ප‍්‍රකාශ කර සිටියි. අයුර්වේදය වැනි අධික ලාභ නොලබන ව්‍යාපාරයක් මෙවැනි දුරක් රැගෙන ඒමට උරදුන් රටපුරා විසිරි සිටින ආයුර්වේද වෛද්‍යවරුන් පාරිභෝගිකයන් මෙන්ම තම සේවකයන් හටද මෙහි කීර්තිය අයත් බවද වැඩිදුරත් ප‍්‍රකාශ කරන ලදී.

මේ වන විට ක‍්‍රිමිරාජ් නාමය ශ‍්‍රී ලාංකිකයන් අතර විශ්වාසවන්ත නාමයක් බවට පත්වී ඇති බවද එම විශ්වාසවන්තභාවය උපරිම ලෙස ආරක්ෂා කරමින් අද දක්වා කිසිදු දිනෙක කිසිදු කෘත‍්‍රිම රසායන ද්‍රව්‍ය පාවිච්චියෙන් බැහැර වී ඇති බවද පෙන්වා දෙයි.

ක‍්‍රිමිරාජ කරල්, ගුලි ශ‍්‍රී ලාංකික නිවෙස් තුල සදා රැදුණු නාමයක් බවට පත්වී තිබෙන බවද නිවේදනය කරයි. ආයුර්වේදයේ ජීව ගුණය එලෙසම ආරක්ෂා කරමින් පාරිභෝගිකයාට උපරිම සේවයක් සලසමින් ව්‍යාපරික ඉදිරි ගමන සෙමින් නමුත් ස්ථීර ගමනක් යෑම ක‍්‍රිමිරාජ ආයතනයේ පරමාර්ථයයි. මෙය ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයා හට ඉතාමත් අශ්වාදජනක පණිවිඩයක් වනු ඇති බවද සඳහන් වෙයි.

Rate this item
(0 votes)