April 28, 2024

සිංගර් ආයතනයට නව මූල්‍ය අධ්‍යක්ෂවරයෙක්

සිංගර් (ශ්‍රී ලංකා) ආයතනයේ මුල්‍ය අධ්‍යක්ෂP.සල්ගාදු මහතාගේ විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුර සඳහා ලලිත් යටිවැල්ල මහතා පත්වීම් ලබා තිබේ. 2003වසරේ සිට සිංගර් ආයතනයේ සේවය කරන යටිවැල්ල මහතා සිංගර් සමූහයේ නව මුල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමත් සමග ආයතන සමූහයේ අනාගත නායකත්ව සංක්‍රමණ ක්‍රියාදාමය මෘදු ලෙස ක්‍රියාත්මක වීම තහවුරු කෙරී ඇති බවයි සිංගර් (ශ්‍රී ලංකා) ආයතනය සඳහන් කරන්නේ.

2003වසරේදී සිංගර් ආයතනයේ මුල්‍ය ගණකාධිකාරී ලෙස පත්වීමට පෙර යටිවැල්ල මහතා මුල්‍ය ක්ෂේත්‍රයේ සිය වෘත්තීය ජීවිතය ඇරඹුවේ අර්නස්ට් ඇන්ඩ් යන්ග් සහ වර්චූසා යන ආයතනවලිනි. සාර්ථක වෘත්තියමය ප්‍රගතියක් පෙන්නුම් කළ යටිවැල්ල මහතා 2005වසරේදී ජ්‍යෙෂ්ඨ මුල්‍ය ගණකාධිකාරි ලෙස පත් කෙරිණ. එතැනින් නොනැවතී සිංගර් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරක් වන මුල්‍ය කළමනාකාර තනතුරට යටිවැල්ල මහතා 2006වසරේදී පත් කෙරුණු අතර එතැන් සිට 2010වසරේදී සමූහ මුල්‍ය කළමනාකාර තනතුරට උසස් කෙරිණ.

Rate this item
(0 votes)