May 01, 2024

සම්පත් බැංකුව 2014 පහේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව සාර්ථකව නිමා කරයි.

සම්පත් බැංකුව නෙත් එෆ්.එම් නාලිකාව සමග සංවිධානය කළ පහේ ශිෂ්‍යත්වයසම්මන්ත්‍රණ මාලාව පසුගියදා සාර්ථකව නිමා විය. සිසුන් 9,500ක සහ දෙමව්පියන් 6,000ක වාර්තාගත සහභාගීත්වයක් ඊට එක් වූ බවයි සංවිධායකයින් සඳහන් කළේ.

පසුගියදා ආරම්භ වූ 5වසර ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් එම සම්මන්ත්‍රණ මාලාව මගින් විභාගය සඳහා සූදානම් වන ආකාරය සහ එය සාර්ථකව ජයගන්නා ආකාරය පිළිබඳව වටිනා උපදෙස් රැසක් සිසු සිසුවියන්ට මෙන්ම දෙමව්පියන්ටද ලබාදීමට කටයුතු යොදා තිබුණි.

අඛණ්ඩව 6වැනි වරටත් සංවිධානය කෙරුණු මෙම සම්මන්ත්‍රණ මාලාව 5වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලූම සිසු සිසුවියන් සඳහා විවෘත විය. දිවයින පුරා විවිධ ප්‍රදේශවලදී මෙම සම්මන්ත්‍රණ පැවැත් විය.

Rate this item
(0 votes)