April 30, 2024

ස්වර්ණාභරණ සංගමයේ වාර්ෂික සම්මේලනයට ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමයේ 2014 වාර්ෂික සම්මේලනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණි.

මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ නිලධාරීන්ට සහ සාමාජිකයන්ට තිළිණ හා සම්මාන ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්කාර මහත්වරු, ශ්‍රී ලංකා ස්වර්ණභරණ සංගමයේ සභාපති කේ. රාධක්‍රිෂ්ණන් මහතා ඇතුළු එහි සාමාජිකයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)