April 30, 2024

ජර්මානු පුහුණු ආයතනයක් කිලිනොච්චියට

ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනයේ දිස්ත්‍රික් මධ්‍යස්ථානයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව මෙම කිලිනොච්චි දිස්ත්‍රික් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු රුපියල් මිලියන 700ක් වැය කරමින් මෙම වසරේ ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කොට 2015 වසරේ දී අවසන් කිරීමට අපේක්ෂිතය. 

ජර්මානු රජයේ ප්‍රදානයක් ලෙස හිමිවන වන මෙම පුහුණු ආයතනය යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ ක්‍රියාත්මක වේ.

GIZ සහ ජර්මානු සංවර්ධන බැංකුව මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රදානයක් ලෙස කාර්මික සහ මූල්‍ය සහය ලබාදීමට නියමිතය.

 

Rate this item
(0 votes)