April 30, 2024

හාලි හිමිකරුවන් ලංකාවට

ඩුබායි හාලි යතුරුපැදි හිමිකරුවන්ගේ සංගමයේ පිරිසක් සමාජසත්කාරයක් කිරීමේ අදහසින් දිවයිනට පැමිණ තිබේ. ඩුබායිරටේ ඉහළ නිලතල දරන මෙම පිරිසට 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද එක් විය.

ගලකිස්ස මහා හෝටලයේදී මෙම පිරිස දෙහිවල ගල්කිස්ස ගරු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා විසින් පිළිගත්හ.

තම සත් දින සංචාරය ආරම්භ කළ මෙම හාලි හිමිකරුවන්ගේ සංගමය රටේ නොයෙකුත්තැන්වල සිරි නරඹමින් නැවුම් අත්දැකීමක් ලබාගන්නටද පියවර ගෙන තිබුණි. මෙම සංචාරයසඳහා ඔවුන් සිය හාලි ඩේවිඩ්සන් යතුරුපැදි උපයෝගි කර ගැනීමද විශේෂිත විය .

මෙම සංචාරය සඳහා ඩුබායි හාලි හිමිකරුවන්ගේ සංගමයෙන් 16 දෙනෙක් එක් වූ අතර ඩුබායි රටේ ඉහළ නිලතල දරන මොවුන් සියලුදෙනාම සමාජ සත්කාරයන් කිරීමේ අදහසින්මෙසේ එක්ව මෙම සංචාරය සංවිධානය කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් හාලි හිමිකරුවන්ගේ සංගමය යතුරු පැදියක්‌ ආරම්භ අවධියට වඩා අද වන විට ඉතා දුර ගමනක්‌ ගොස්‌  ඇති බව පෙන්වා දුන් අතර ලෝකයේ බොහෝ රටවල් ඉතා ක්‍රියාශීලීව යතුරු පැදි නිෂ්පාදනයේ නියෑළෙන බවද සඳහන් කර තිබේ.විශේෂයෙන්ම ජපානයේ යතුරු පැදි නිර්මාණය අභිබවමින් චීනය, ඉන්දියාව ලෝකයේඉදිරියට පැමිණ ඇති බවද ඔහුන්ගේ අදහසයි.

නමුත් මේ කුමන යතුරුපැදිතිබුණද, යතුරු පැදි කලාවේ දැවැන්තයා ලෙස "හාර්ලි ඩේවිඩ්සන්" (Harley Davidson) අවිවාදයෙන් හඳුන්වන්නට පුළුවන් බවද ඔවුන් අවධාරනය කරයි.විලියම් එස්‌. හාර්ලි සමඟ ඩේවිඩ්සන් සොහොයුරන් තිදෙනෙක්‌ එක්‌ව ආරම්භ කළ මේදැවැන්ත වෙළෙඳ නාමයඅද වන විට ලෝකය පුරා සිය විශිෂ්ටත්වය පෙන්වා දී ඇති බවද නියම යතුරු පැදියක් ධාවනය කරවීමේ ආශ්වාදය ලබා ගත හැක්කේ හාලි ඩේවිඩ්සන් යතුරුපැදියක් ධාවනය කිරීමෙන් බවද සඳහන් කරයි.

(එස්. අල්විස්)

Rate this item
(0 votes)