May 01, 2024

රටවල් 15ක එකතුවකින් “ශ්‍රී ලංකා ප්ලාස්ට්” BMICH හීදි

ඉන්දියාවේ B2B ප්‍රදර්ශන සංවිධානය කරන සමාගමක් වන එන්ටප්‍රයිසින් ෆෙයාර්ස් ඉන්දියා පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL)සමඟ එක්ව “ශ්‍රී ලංකා ප්ලාස්ට්” ප්‍රදර්ශනයේ දෙවන අදියර , රබර් ප්‍රදර්ශනයේ පළමු අදියර සහ සිමෙක්ස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර නිෂ්පාදන ප්‍රදර්ශනය කොළඹ BMICHහී දී ආරම්භ කර තිබේ.

මෙම ප්‍රදර්ශනය දින 03 ක් පැවැත්වෙන අතර  හෙටින් අවසන් වීමට නියමිතයි.

මෙහි සමාරම්භක උත්සව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ඒ සඳහා කර්මාන්ත සහ වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වයි කේ සිංහා ඇතුළු පිරිසක් එක් විය.

ප්ලාස්ටික්, රබර් සහ නිෂ්පාදන ප්‍රදර්ශනය යනු ඉන්දියාව, සෞදි අරාබිය, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, චීනය, තායිවානය, ජපානය, ඉතාලිය, පිලිපීනය, මැලේසියාව යනාදිය ඇතුළු රටවල් රටවල් 15 කින් ප්‍රදර්ශකයින් 160 කට අධික පිරිසක් සහභාගී වෙයි.

ව්‍යාපාරිකයින් ඉලක්ක කර ගනිමින් සංවිධානය වන මෙම ප්‍රදර්ශනය යන්ත්‍ර සූත්‍ර සහ තාක්ෂණික වශයෙන්ද වැදගත්කමක් උසුලයි.

Rate this item
(0 votes)