April 30, 2024

"Triumph" සිය විශිෂ්ටත්වය පෙන්වයි

විකුණුම් ක්ෂේත්‍රයේ විශිෂටයින් ඇගයීම වෙනුවෙන් පැවැත්වෙන SLIM NASCO2014 සම්මාන උළලෙදී Triumphඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා අඛණ්ඩව 5 වැනි වරටත් සම්මානයෙන් පිදුම් ලබයි.මෙලෙස කාණ්ඩ 03 ක් යටතේ සම්මාන 04 ක් දිනා ගැනීමටමෙරට කාන්තා යට ඇඳුම් නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Triumphට හැකි විය.

බහුවිධ තරගකරුවන් සමග තරග වැදී මෙම සම්මානය දිනා ගැනීමට හැකි වී ඇති අතර ඒ අනුව ප්‍රදේශීය විකුණුම් කළමණාකාර කණ්ඩායම යටතේ අසංක උපේන්ද්‍ර මහතා රන් සම්මානයෙන් පිදුම් ලබමින් අලෙවි විශිෂ්ටයෙක් බවට පත් විය.

විධායක අංශය නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ප්‍රදීප් කුමාර සමත් වූ අතර ඉදිරිපෙළ කාණ්ඩ යටතේ නිලංග ඩිල්ෂාන් රිදී පදක්කමත් සාලින්ද ප්‍රභාත් රාජපක්ෂ ලෝකඩ පදක්කමත් හිමි කර ගත්හ.

මෙම ජයග්‍රාහනය පිළිබඳව අදහස් දැක්වූ Triumph ඉන්ටර්නැෂනල්ශ්‍රී ලංකා හී අලෙවි අංශ ප්‍රධානී සංජීව තිලකරත්න මහතා සඳහන් කළේ අනාගතයේදී සිය සමාගම තවත් විශිෂ්ටයින් රැසක් බිහිකිරීමට අපේක්ෂා කරන බවයි.

Rate this item
(0 votes)