April 30, 2024

කොළඹ කොටුවේ සුපිරි ඉදිකිරීම් ඔක්තෝම්බරයේ සිට

කොළඹ කොටුවේ අක්කර 04 ක භූමිභාගයක ඉදිකිරීමට සැලසුම් කර තිබෙන “Krrish Square“ ව්‍යාපෘතිය ආරම්භ කිරීමපිළිබඳව විශේෂ සාකච්ඡාවක් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාසහ ක්‍රිෂ් සමූහයේ සභාපතිවරයා අතර කොළඹදී සිදුවී තිබේ.

මෙම සාකච්ඡාවේදී ක්‍රිෂ් සමූහයේ සභාපති අමිට් කට්යාල් (Amit Katyal) නාගරික සංවර්ධන අධිකාරියට දැනුම්දී තිබෙන්නේ මෙම ව්‍යාපෘතියේ වැඩ ලබනඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන බවයි.

ව්‍යාපෘතිය සිදුකරන ඉඩම වෙනු‍වෙන් තවත් රුපියල් මිලියන 640 ක් නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු වෙයි. එම සියළුම මුදල් වැඩ ආරම්භකිරීමට පෙර ගෙවීමටද එකඟ වී තිබේ

සුපිරි නිවාස, සාප්පු සංකීර්ණ, තරු හතේ හෝටලයක් ඇතුළු ඉදිකිරීම්වලින්සමන්විත තට්ටු 85 ක කුළුණකින් හා තවත් කුළුණු හතරකින් සමන්විත මෙමව්‍යාපෘතිය පසුගිය කාලයේදී දැඩි ආන්දෝලනයකට තුඩුදුන් ව්‍යාපෘතියකි. එයටහේතුව වූයේ ක්‍රිෂ් සමූහය විසින් මුලින් ප්‍රකාශ කළ දින වකවානුවලදී අදාළව්‍යාපෘතිය සිදු නොකිරීම ඇතුළු හේතුයි.

Rate this item
(0 votes)