May 20, 2024

මොරටුව සරසවියට පා පැදි 50ක්

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ භාවිතය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් පසුගිය 06 වැනි දා පා පැදි 50ක්  ප්‍රදානය කර තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාගේ ඉල්ලීම මත මෙම පා පැදි ලබාදීම සිදු කෙරිණි. විශ්වවිද්‍යාලයට අධ්‍යන කටයුතු සඳහා කිලෝමීටර් 5 කට අඩු දුරක සිට පැමිණෙන සිසුන් සඳහා මෙම පාපැදි  බෙදාදීමට නියමිතව ඇත.

මෙම පා පැදි බෙදා දීම අද දින Mount Lavinia Hotel හි පැවති  9 වන ආසියා පැසිෆික් ප්‍රවාහන හා පරසර ආරක්ෂණ සමුළුවට සමගාමීව සිදු කෙරිණි.

Rate this item
(0 votes)