May 03, 2024

RIU රිසෝර්ට් අහුන්ගල්ල සඳහා මුල්ගල තැබේ

එයිට්කන් ස්පෙන්ස් සමාගම අභිනවයෙන් ඉදිකිරීමට නියමිත .RIU රිසෝර්ට් අහුන්ගල්ල හෝටල් සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මේ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ  සහ ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන යන මහත්වරුද සහභාගී වූහ.  

ස්පාඤ්ඤයේ RIU හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් සමාගම සහ එයිට්කන් ස්පෙන්ස් සමාගම අතර හවුල්කාරීත්වයෙන් ගොඩනැගෙන  ඇමරිකානු ඩොලර් මිලියන 100 ක වටිනාකමකින් යුතු මෙම හෝටල් සංකීර්ණය කාමර 501 කින් සමන්විත වන අතර එහි  ඉදිකිරීම් කටයුතු  2016 වර්ෂයේ අවසන් කිරීමට නියමිතය. 

දක්ෂිණ අධිවේගී මාර්ගය, මත්තල ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපල  වැනි දක්ෂිණ  සංවර්ධන ව්‍යාපෘතිවලට සමගාමීව මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට නියමිතය. 

මුල්ගල් තැබීමේ උත්සවයේදී අදහස් දක්වමින් සමාගමේ සභාපති, හැරී ජයවර්ධන මහතා පවසා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට කරා ළඟාවන වන කාල සීමාව ඇතුළත හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

 

Rate this item
(0 votes)