May 03, 2024

ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට කොමර්ෂල් බැංකුව සූදානම්

ජාතික මට්ටමින් කි‍්‍රයාත්මක කොමර්ෂල් බැංකුවේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනවැඩසටහන යටතේ කුරුණෑගල දිස්ති‍්‍රක්කයට අයත් නිකවැරටිය ප‍්‍රදේශයේ පාසලකටබැංකුවේ සමාජ සත්කාරක භාරය විසින් අංගසම්පූර්ණ පරිගණක මධ්‍යස්ථානයක්  පරිත්‍යාග කරඇත.

බැංකුව විසින් පරිත්‍යාග කරන ලද 140 වැනි පරිගණක මධ්‍යස්ථානය වන මෙය ශිෂ්‍යශිෂ්‍යාවන් 200 දෙනෙකුගෙන් යුත් නිකවැරටිය මහමිතාව ප‍්‍රාථමික පාසලටප්‍රධානය කර තිබේ. නව පරිගණක මධස්ථානය නිල වශයෙන් විවෘත කිරීම කොමර්ෂල් බැංකුවේකළමනාකාර අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී රවී ඩයස් මහතා අතින්සිදුවිය.

බැංකුවේ සමාජ සත්කාරක භාරය විසින් ලබාදෙන සියලූම පරිගණක පුහුණුමධ්‍යස්ථානවලට හිමිවන්නේ බලපත‍්‍රලාභී මෘදුකාංගවලින් සමන්විත නවීනපරිගණකයි. මීට අමතරව බැංකුව විසින් පාසල් සඳහා පරිගණක මේස පුටු, මුද්‍රණයන්ත‍්‍ර ඇතුළු පරිත්‍යාගයන්ද සිදු කර තිබේ.

බැංකුව සිය තොරතුරු තාක්ෂණ අධ්‍යාපන වැඩසටහනේ දෙවැනි අදියර ලෙසමෙසේ පරිත්‍යාග කරන පරිගණක මධස්ථාන හරහා ඔන්ලයින් අධ්‍යාපනික වැඩසටහනක් දආරම්භ කර ඇත. 

 

Rate this item
(0 votes)