May 03, 2024

බ්‍රැන්ඩික්ස් වෙත පරිසර හිතකාමී සම්මානයක්

පාරිසරික තිරසරභාවය සහ සංරක්‍ෂණය යන ක්ෂේත‍්‍ර තුළ අත්කරගත් සුවිශේෂී කාර්යසාධනය හේතුවෙන් බ‍්‍රැන්ඩික්ස් ඇපරල් සොලූෂන්ස් සමාගමේ නිට්ටඹුවේ පිහිටිලෝන්ජරි පර්ෂදයට අයත් කර්මාන්ත ශාලා දෙකක් ඇඟලූම් ක්ෂේත‍්‍රයේ ගෝලීයදැවන්තයෙකු වන මාර්ක්ස් ඇන්ඞ් ස්පෙන්සර් (M&S) සමාගමේ පරිසර හිතකාමීසම්මානයෙන් පිදුම් ලබා ඇත.

මෙම කර්මාන්ත ශාලා දෙක විසින් බලශක්තිය සහ ජලය පරිභෝජනය 30%කින් සහ 15%කින්අඩුකරගෙන තිබෙන අතර සිය ඝන අපද්‍රව්‍ය 100%ක්ම ප‍්‍රතිචක‍්‍රීකරණය කර හෝනැවත භාවිත කර තිබෙන්නේ මාර්ක්ස් ඇන්ඞ් ස්පෙන්සර් (M&S) හරිත කර්මාන්තශාලා විගණනයේදී ලබාදෙන සමස්ත ලකුණු 100 ක ප‍්‍රමාණයෙන් ලකුණු 91 ක්ම ලබාගැනීම සඳහා මග පාදා ගනිමිනි.

මාර්ක්ස් ඇන්ඞ් ස්පෙන්සර් (M&S) ‘Plan A’ වැඩසටහන යටතේ හරිත කර්මාන්තශාලා සම්මානය පුද කරන අතර මෙය 2007 ජනවාරි මාසයේ සිට දියත් කළ වැඩසටහනකි.දේශගුණික වෙනස්කම් වලට එරෙහිව සටන් කිරිම, අපද්‍රව්‍ය අඩුකිරිම, තිරසාර ලෙසඅමුද්‍රව්‍ය භාවිතය, ආචාරශීලී ලෙස වෙළඳාම් කිරිම, ඉහළ ගුණාත්මක නිෂ්පාදනසහ සේවා පාරිභෝගිකයින්ට ලබාදී  ව්‍යාපාරික අපේක්ෂා මුදුන්පත්කර ගන්නා අතරමගනුදෙනු කරුවන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරිමට උපකාර කිරිම මෙමවැඩසටහනේ අරමුණයි.

මින් අදහස් කරන්නේ වඩාත් තිරසාර භාවයෙන් යුතුඅමුද්‍රව්‍ය භාවිත කරමින් විශ්වසනීයත්වයෙන් යුතු නිෂ්පාදන කිරිම සහ ඉතා ඉහළපාරිසරික සහ සමාජ තත්ත්වයන් සහිතව කර්මාන්ත ශාලාවල මෙහෙයුම් කටයුතු කරනඅතරම හරිත නිෂ්පාදන ක‍්‍රියාවලීන් අනුගමනය කරමින් සිය සැපයුම් දාමයන් මගින්පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අඩු කිරිමට ගෝලීය සැපයුම්කරුවන්දිරිමත් කිරිමයි.   

2020 වන විට සමාගමේ කාබන් මුදා හැරිමේ ප‍්‍රමාණය සියයට 20 කින් අඩු කිරිමටප‍්‍රතිඥාවක් දෙමින් සිය කුළුඳුල් තිරසාර වාර්තාව 2012 සැප්තැම්බර් මාසයේදීබ‍්‍රැන්ඩික්ස් විසින් එළිදැක්විය.

Rate this item
(0 votes)