May 03, 2024

පැරණි ට්‍රිපොලි මාර්කට් “එක්ස්පර්ට් සිටි” වෙයි

පැරණි වෙළඳ සංකීර්ණයක් වන ට්‍රිපොලි මාර්කට් ගොඩනැගිලි සමුහය නවීකරණය කර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

පසුගිය දා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම තොරතුරු තාක්ෂණ වෙළඳ සංකීර්ණය තුල පිහිටි ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය හා සම්බන්ධ වෙළඳසැලක් වන CODEGEN වෙළඳසැල විවෘත කරන ලදි.

මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා හා CODEGEN ආයතනයේ නිළධාරීන් පිරිසක් හා ආරක්ෂක අමාත්‍යාංශයේ නිළධාරී පිරිසක් සහභාගි විය.

Rate this item
(0 votes)