May 03, 2024

නිශාන්ත වික්‍රමසිංහ APOT.Asia හි සභාපති වෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අගෝස්තු මසයේ සිට APOT.Asia (Asia Pacific On-board Travel) සංවිධානයේ සභාපති ධුරයට පත්වතිබේ.

එම තනතුර සඳහා පත්වන ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේද ඒ මහතා වීම විශේෂත්වයකි.

නව සංචාරක කලාප රැසක් ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගනිමින් නව උපාය මාර්ගිකක්‍රමවේදයන් හඳුන්වාදෙන ගෝලීය සංවිධානයක් ලෙසින් APOT සංවිධානය හඳුන්වා දියහැකිය.

එහි ගුවන් සේවාවන්හිඅභ්‍යන්තර නිෂ්පාදන සහ සේවා සපයන්නන්, ගුවන් සේවා ආහාර පාන සපයන්නන්, ආහාරද්‍රව්‍ය සැපයුම්කරුවන්, ගුවන් සේවා කළමනාකරුවන්, සත්කාරක පාර්ශ්වකරුවන්සහ මාධ්‍ය සංවිධාන යනාදිය මෙහි සාමාජිකත්ව ජාලයට ඇතුළත් වේ.

Rate this item
(0 votes)