May 03, 2024

ජූලි උද්ධමනය ඉහළ යයි

2014 ජූලි මාසයේ උද්ධමනය 3.6% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 2.8% සිට සුළු ඉහළයෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගිකමිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2014 ජුනි මාසයේ 2.8% ක් ලෙස පැවති අතර, එය ජූලි මාසයේදී 3.6% ක් ලෙස මෙසේඉහළ ගොස් ඇත.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය ජුනි මාසයේ වාර්තා කළ4.9% සිට ජූලි මාසයේදී 4.7% දක්වා සුළු වශයෙන් පහළ ගොස් ඇති බවද මහ බැංකුවපෙන්වා දෙයි.

Rate this item
(0 votes)