May 04, 2024

ගිණුමක් නොමැතිව ඕනෑම බැංකුවකින් මුදල් ගන්න

ගිණුමක් නොමැතිව ඕනෑම බැංකුවකින් මුදල් ගැනීමටත් බැංකුගිණුමකට මුදල් තැන්පත් කිරීමටත්හැකි සේවාවක් කොමර්ෂල් බැංකුවේ මැදිහත් වීමෙන් ආරම්භ කර තිබේ.

සෞදි රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන්ට සිය රටට මුදල් එවීමේදී මෙම ක්‍රමවේදය හරහා වඩාත් පහසුවක් වෙනු ඇති.

කොමර්ෂල් බැංකුවේ නියෝජිතයෙක් සෞදි අරාබියට පැමිණ සිටින අතර ඔහු හා සම්බන්ධ වීමෙන් මෙම සේවාව ලබා ගත හැකි වෙයි. ලංකාවේ ඕනෑමබැංකුවක් සමග ගනුදෙනු කිරීමට සහාය දීමට ද මේ හරහා පහසුකම් සලසා ඇත.සෞදි අරාබියේ පිහිටි ‘ටෙලි මනි’ මගින් මුදල් යැවිය හැකි අතරම ඇරැබ් නැෂනල්බැංකුව ගිණුමක් භාවිතා කරන අයට (ඒ එන් බී ,ඒ ටී එම්,ඒ එන් බී ෆෝන් බෑන්කින් ,ඒ එන් බී නෙට්) යන විද්‍යුත් බැංකු ක්‍රම මගින්ද මුදල් යැවිය හැකි බවයි එම සේවාව පිළිබඳව වැඩි දුරටත් සඳහන් වන්නේ.

මහජන බැංකුව,කොමර්ෂල් බැංකුව,හැටන් නැෂනල් බැංකුව ගනුදෙනු කිරීමේදී අවශ්‍යසහාය දීමට ද නීතිමය ප්‍රතිපාදන ලබාදී ඇත.මෙම සේවාව පිළිබඳව ඇති ඕනෑම බැංකු කටයුතතක් සදහා 0566626289 අමතා තොරතුරු දැන ගත හැකියි.

Rate this item
(0 votes)