May 04, 2024

ලංකාවේ දැන් ඩොලර් ආයෝජන අවස්ථා

මෙරට රජය, බැංකු ඇතුළු ආයතනවිසින් නිකුත් කර තිබෙන ඉහළ ප්‍රතිලාභයක් ලබාදෙන ඩොලර් බැඳුම්කරවල ආයෝජනයකිරීමේ අවස්ථාව විදේශීය ආයෝජකයින්ට සහ විදේශීය සමාගම් වලට ලබාදෙමින් ලංකාවේපළමු ඩොලර් අරමුදල හඳුන්වා දී තිබේ.

මේ අනුව, සිලෝන් ඇසට් මැනේජ්මන්ට් සමාගම විසින් “Ceylon Dollar Bond Fund“ නැමති මෙම අරමුදල කොළඹදී  හඳුන්වා දුන් අතර අරමුදලවිසින් ඉදිරි මාස තුන ඇතුළත ඩොලර් මිලියන 10 ක පමණ විදේශීය ආයෝජනබලාපොරොත්තු වනබව සිලෝන් ඇසට් මැනේජ්මන්ට් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, දුලීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අප සමග සඳහන් කරයි.

රජය, ලංකා බැංකුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළුව ලංකාව විසින් නිකුත්කර තිබෙන ඩොලර් බැඳුම්කර මේ වනවිට සිංගප්පූරු කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතකරතිබේ. වසර පහකින් කල් පිරෙන මෙම බැඳුම්කර එයට කලින් ආයෝජකයින්ට විකුණාදැමීමට අවශ්‍ය වනවිට සිංගප්පූරු කොටස් වෙළඳ පොළ හරහා ආයෝජකයින්ට ඕනෑමවේලාවක ඒවා විකිණීම කළ හැකියි.

Rate this item
(0 votes)