May 03, 2024

රට පුරා පාලම් ඉදිකිරීමට යූරෝ මිලියන 22 ක්

ප‍්‍රංශ ආධාර යටතේ ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කරනු ලබන පාලම් 46ක්නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ වන විට පාලම් 28ක ඉදිකිරීම් නිමකර ඇතැයියුනිබි‍්‍රජ් ආයතනයේ සභාපති පිලිප් මටීරේ මහතා ප‍්‍රකාශකරයි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා හමුවූ අවස්ථාවේදීය මේ බව සඳහන් විය.

මෙහිදී ප‍්‍රංශ රජය මගින් ලංකාව තුළ ක‍්‍රියාත්මක කරනු ලබන පාලම්ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පිළිබඳවත් ඉදිරි ඉදිකිරීම් කටයුතු පිළිබඳවත්අමාත්‍යවරයා සහ යුනිබි‍්‍රජ් ආයතනයේ සභාපතිවරයා අතර සාකච්ඡා විය.

ශී‍්‍ර ලංකාව තුළ අබලන් තත්ත්වයේ පවතින පාලම් 46ක් පුළුල් කිරීම සහප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා ප‍්‍රංශ රජය මගින් යුරෝ මිලියන 22මූල්‍යාධාරයක් ශ‍්‍රී ලංකාවට ලැබුණු අතර, ඒ යටතේ දිවයිනේ විවිධ පළාත් ආවරණයවන පරිදි පාලම් ඉදිකිරීම ප‍්‍රමුඛතා මත තෝරා ගන්නා ලදී.

 

Rate this item
(0 votes)